'පද්මාවතී' මේ වසරේ පෙන්වනවා
2018 වසරේ අප්‍රේල් මාසය තෙක් සිය ප්‍රදර්ශනය කල්දැමූ ‘පද්මාවතී‘ බොලිවුඩ් චිත්‍රපටය මේ වසරේ දෙසැම්බර් 01 වැනිදා ප්‍රදර්ශනය කරන්නට සූදානම් කර තිබෙන බව සඳහන් වෙනවා. අවස්ථා කිහිපයකදීම මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන දිනය වෙනස් වූ අතර, අවසානයේ ‘පද්මාවතී‘ චිත්‍රපට අධ්‍යක්ෂක සංජය ලීලා බන්සාලි මෙම චිත්‍රපටය දෙසැම්බර් 01 වැනිදා ප්‍රදර්ශනය කරන්නට තීරණය කර තිබෙනවා.
මේ වනවිට මෙහි ප්‍රචාරක පටය මෙන්ම ප්‍රචාරක දැන්වීම්ද නිකුත් කර තිබෙන අතර, ඒ සෑම ප්‍රචාරක කටයුත්තකම මෙම චිත්‍රපටය දෙසැම්බර් 01 වැනිදාට ප්‍රදර්ශනය කරන බවට සඳහන් කර තිබෙනවා. දීපිකා පදුකෝන්, ෂාහිඩ් කපූර් හා රන්වීර් සිං මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.