පද්මාවතී නැවතත් අර්බුදයක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-09-ent-84

රූගත කිරීම් ඇරඹු දා සිටම නොයෙකුත් අර්බුදවලට මුහුණ දෙන්නට සිදු වූ පද්මාවතී මේ වසරේ ජනවාරි මාසයේදී තිරගත කිරිමට සියලූම කටයුතු සූදානම් කර තිබියදී එහි නම සංශෝධනය කිරීමට සහ තවත් දර්ශන 26 ක් ඉවත් කිරීමට රැු`ගුම් පාලක මණ්ඩලය නිර්දේශ කර තිබේ. එයට තිරගත කිරීමේ අවසර පත‍්‍රය නිකුත් කරනු ලබන්නේ ඉනික්බිතිවය.

‘‘අපි මෙහෙම කරන්නෙ චිත‍්‍රපටි නිෂ්පාදකයන් අමාරුවේ දාන්න නෙමෙයි.. ඔවුනුයි සමාජයයි අතර ගැටුම් ඇති වීම වළක්වන්නයි..’’ එහි සාමාජිකයෙකු පැවසීය.

පද්මාවති තුළින් ඉතිහාසය විකෘති වී ඇතැයි රාජ්පුත්හි කර්නිසේනා සංවිධානය පවසන්නේය.

‘‘අපේ මුතුන් මිත්තෝ ලෙයින් ක`දුළින් ලියපු ඉතිහාසය විකෘති කරන්න අපි කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ.. ඒ චිත‍්‍රපටිය රාජස්තාන් රැුජිනියන්ට කරපු අපහාසයක්.. ඒ රැුජිනියෝ කිසිම දවසක ජනතාව ඉදිරියේ රැු`ගුම් දක්වන්නේ නෑ.. ඒ වගේම අලව්දීන් කිල්ජි එක්ක සමිපව හැසිරෙන දර්ශනත් අභව්‍යයි.. පද්මාවතී කියන්නෙ ලොකු පරිත්‍යාගයක් කරපු රැජිනක්.. ඒත් මේ චිත‍්‍රපටියෙන් පෙනෙන්නෙ ඒ දෙන්නගෙ ආලවන්ත හැසිරීම් විතරයි..’’ ඔවුහු කියති.

චිත‍්‍රපටියේ නිර්මාතෘ සංජේ ලීලා බන්සාලි කියන්නේ මේ හැම දෙයක්ම පදනම් විරහිත චෝදනා බවකි. චිත‍්‍රපටිය නිසා ඔහුට ශාරීරික මෙන්ම මානසික හිංසාවලට අමතරව මූල්‍ය අර්බුදවලට ද මුහුණ දෙන්නට සිදු වුයේය.