'පද්මාවතී' දින නියමයක් නොමැතිව කල් යයි
දෙසැම්බර් 01 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබූ සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවතීත’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම මේ වනවිට දින නියමයක් නොමැතිව කල්ගොස් ඇතැයි වාර්තා වේ.
වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටය මෙසේ කල්ගතව ඇත්තේ ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය විසින් මෙම චිත්‍රපටයේ ඇතුළත් සමහර දර්ශන ඉවත් කරන ලෙසට ඉල්ලීමක් කර ඇති හෙයිනි. ආගම් කිහිපයකටම එම දර්ශනවලින් හානියක් සිදුව තිබෙන හෙයින් ඒවා ඉවත් කර චිත්‍රපටය නැවත ප්‍රදර්ශනය කරන්නට අවසර ලබා දී ඇත.
මෙම චිත්‍රපටය පිළිබඳව බොලිවුඩ් සිනමා නළුනිළියන්, චිත්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන් මෙන්ම විද්වත් පුද්ගලයන්ද නොයෙකුත් අදහස් හා මත ප්‍රකාශ කරන අතර, ඉන් වැඩි දෙනෙකු පවසන්නේ චිත්‍රපටය මෙම ඉවත් කරන්නැයි ඉල්ලීම් කරන දර්ශන නිසාවෙන් හානියක් නොවන බවය.