‘පද්මාවති’ නැවතත් වැඩ අරඹයි
සංජය ලීලා බන්සාලි විසින් නිෂ්පාදනය කර අධ්යක්ෂණය කරන ‘පද්මාවති’ චිත්රපටයේ රූපගත කිරීම් කටයුතු නැවතත් පසුගිය සතියේදී ජයිගර්හි ආරම්භ කරනු ලැබුවා. මීට දෙසතියකට පෙර අන්තවාදී පිරිසක් විසින් මෙම චිත්රපටයේ රූපගත කිරීම් කටයුතු සිදු කළ ස්ථානයට පැමිණ චිත්රපට අධ්යක්ෂක බන්සාලිට පහරදීම හේතුවෙන් මෙහි රූපගත කිරීම් කටයුතු තාවකාලිව අත්හැර දමා තිබුණා.
කෙසේ වෙතත්, මේ දිනවල ජායිගර්හි සිදුවෙන රූපගත කිරීම් කටයුතු සඳහා මේ වනවිට පොලිස් ආරක්ෂාවද ලැබි තිබෙන බව සඳහන්. බන්සාලි 2014 වසරේදී නිර්මාණය කළ ‘බාජිරාඕ මස්තානි’ චිත්රපටයේ රූපගත කිරීම් කළ ස්ථාන බොහොමයක් සිය ‘පද්මාවති’ චිත්රපටයද යොදා ගෙන තිබෙන බව සඳහන් වෙනවා.