'පද්මාවති' දිගින් දිගටම කල් යයි
දෙසැම්බර් 18 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබූ සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවති’ චිත්‍රපටය ප්‍රදර්ශනය දින නියමයක් නොමැතිව කල්ගොස් තිබෙන බව එරට සිනමා මාධ්‍යයන් සඳහන් කර සිටියි. වාර්තා වන අන්දමට ඉන්දීය චිත්‍රපට පාලක මණ්ඩලය මෙම චිත්‍රපටය තිරගත කිරීමට තවමත් නිශ්චිත දිනයක් ලබා නොදීම හේතුවෙන් මෙම චිත්‍රපටය මෙසේ කල්ගත වීමට හේතුව වී තිබේ.
කෙසේ වෙතත්, ජාතිවාදී සංවිධාන කිහිපයක් තවමත් මෙම චිත්‍රපටය පෙන්වීමට එරෙහිව සිය විරෝධය පාමින් සිටින අතර, එය ඉන්දීය රජයට යම් බලපෑමක් ඇතිවන හෙයින් මෙම චිත්‍රපටය තිරගත කිරීම හිතාමතා කල් යවන බවටද තොරතුරු වාර්තා වේ. ප්‍රකට ‘සන්ටා බන්ටා’ වෙබ් අඩවිය පවසන්නේ ‘පද්මවාති’ ලබන අප්‍රේල් මාසය වනවිට ප්‍රදර්ශනය වනු ඇති බවය.