‘පද්මාවති’ චරිතය මුලින්ම ලැබුණේ කංගනාට
පසුගිය වසරේ රාජ්කුමාර් හිරුණිගේ ‘සංජූ’ චිත්‍රපටයට පසුව ඉහළම සාර්ථකත්වයක් ලැබු චිත්‍රපටය වූයේ සංජය ලිලා බන්සාලිගේ ‘පද්මාවත්’ චිත්‍රපටයයි. එහි දිපීකා පදුකෝන් රංගනයෙන් දායක වන ‘පද්මාවති’ චරිතය සඳහා මුලින්ම යෝජනා වි තිබුණේ කංගනාගේ නම බව සඳහන් වේ.
එමෙන්ම බන්සාලි විසින් ඊට පෙර ඔහු විසින් නිර්මාණය කළ ‘රාම් ලීලා’ චිත්‍රපටයේ ප්‍රියංකා චොප්රා පෙනී සිටින රාම් ලීලා ජානේ’ ගීතය සඳහා එක් කර ගැනීමට බලාපොරොත්තු වී ඇත්තේ කංගනාය. කෙසේ වෙතත්, ඇය එම චරිත ද්විත්වයම ප්‍රතික්ෂේප කර තිබුණී. මේ දිනවලද සිය අලුත්ම චිත්‍රපටය සඳහා කංගනා සම්බන්ධ කර ගැනිමට බන්සාලි බලාපොරොත්තු වෙන නමුදු, ඇය ‘ජයලලිතා’ගේ ජීවිත කතාව අලලා සැකසෙන චිත්‍රපටය නිසාවෙන් ඇය මේ වනවිට කාර්යබහුල වී තිබේ.