'පද්මාවත්' වෙනුවෙන් දීපිකාගේ ගාණ කෝටි 13ක්
ඉන්දියානු සිනමාවේ විශාල වශයෙන් ගැටුම් ඇති වූ චිත්‍රපටයක් වන පද්මාවත් පසුගිය තිරගත වෙමින් මේවනවිට ආදායම් වාර්තා බිඳ දමා තිබෙනවා. ඉතිහාස කතාවක් අලලා නිර්මාණය කරනු ලැබූ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ සංජේ ලීලා බන්සාලි ය. මෙම චිත්‍රපට වෙනුවෙන් ඉන්දියානු සිනමාවේ ජනප්‍රියතම රංගනන ශිල්පීන් දායක කර ගැනීමත් සුවිශේෂි කාරණාවකි. දීපිකා පදුකෝනි, රන්වීර් සිංග් සහ ශාහිඩ් කපූර් මෙහි ප්‍රධාන චරිත වූ අතර, පසුගියදා ඔවුන් පිළිබඳව කරනු ලැබූ සුවිශේෂි හෙලිදරව්වක් ඉන්දියානු මාධ්‍ය වාර්තා කලා.
ඒ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ දීපිකා පදුකෝන් හට ඉන්දියානු රුපියල් කෝටි 13ක මුදලක් ගෙවූ බවයි සඳහන් වෙන්නේ. මෑතකදී දීපිකා විසින් ලබා ගත් වැඩිම මුදල එය බවද සඳහන් වෙයි. එමෙන්ම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වූ ෂාහිඩ් කපූර්ට ඉන්දියානු රුපියල් කෝටි 11ක්ද, රන්වීර් සිං හට ඉන්දියානු රුපියල් කෝටි 08ක මුදලක්ද ගෙවා ඇති බව වාර්තා කරයි. ඉන්දියානු සිනමාවේ මෑතකදී විශාල පිරිවැයක් දැරූ චිත්‍රපටයද මෙය වන බව සඳහන් වෙයි. එමෙන්ම මෙම චිත්‍රපටය තිරගත වෙමින් මේ වනවිට ඉන්දියානු රුපියල් බිලියන 5.25ක් ආදායමක් උපයා ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙයි.