'පද්මාවත්' වාර්තා අතරට
මේ වසරේ ඉන්දීය රූපියල් කෝටි 100ක ආදායමක් උපයාගත් පළමු බොලිවුඩ් චිත්රපටය ලෙස බන්සාලිගේ ‘පද්මවාත්’ චිත්රපටය වාර්තා අතරට එක් විය. දින 4ක කාලයක් ගෙවෙද්දි ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් මෙම චිත්රපටය උපයා ගැනීමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමකි.
මීට පෙර රන්වීර් හා දිපීකා රංගනයෙන් දායක වූ ‘බාජිරාඕ මස්තානි’ හා ‘රාම් ලීලා’ චිත්රපටද ඉන්දීය රූපියල් කෝටි 100ක ආදායමක් ලැබු චිත්රපටද විය. එම චිත්රපට දෙකද අධ්යක්ෂණය කරනු ලැබුවේ ‘පද්මාවත්’ චිත්රපටය අධ්යක්ෂණය කළ සංජය ලීලා බන්සාලිද වීම විශේෂත්වයකි. ‘බාජිරාඕ මස්තානි’දින 9කදී ‘රාම් ලීලා’ චිත්රපටය දින 13කදී ඉන්දීය රූපියල් කෝටි 100ක ආදායමක් උපයාගන්නට සමත්ව තිබුණි. වාර්තා වන අන්දමට ‘පද්මාවත්’ චිත්රපටය විදෙස් රටවලදීද මේ වනවිට ඉන්දීය රූපියල් කෝටි 100ක ආදායමක් උපයාගන්නට සමත්ව ඇති බවය.