පකිස්තානයේ ඉන්දියානු සිනමා නිර්මාණ තහනම්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාවේ නිෂ්පාදනය වන රූපවාහිනී නාට්‍ය සහ සිනමා නිර්මාණ පාකිස්තානයේ නාළිකාවල විකාශය කිරීම තහනම් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කරයි. පාකිස්තානය අලලා සිදුකරනු ලැබූ නිර්මාණ හේතුවෙන් මෙලෙස ඉන්දියාවේ නිෂ්පාදනය වන නිර්මාණ තහනම් කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

සල්මන් ඛාන්ගේ චිත්‍රපටයක් වූ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටය මේ වන විට පාකිස්තානයේ තහනම් කර තිබෙන අතර, ඉදිරියේ තවත් චිත්‍රපට කිහිපයක් සහ රූපවාහිනී කතාමාලාවන් කිහිපයක් තහනම් කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

20181105Indian-1