පකිස්තානයට පෑඞ් මෑන් එපාලූ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-28-ent-31

ආක්ෂේ කුමාර්, සෝනාම් කපූර් සහි රාධිකා ආප්තේ ර`ග පාන පෑඞ් මෑන් අමුතුම ආකාරයේ හාස්‍යජනක චිත‍්‍රපටියකි. මේ චිත‍්‍රපටියට පදනම් වී ඇත්තේ ට්වින්කල් ඛන්නා ලියූ ද ලෙජන්ඞ් ඔෆ් ද ලක්ෂ්මි පොතේ ඇති ද සැනිටරි මෑන් ඔෆ් සේකර්ඞ් ලෑන්ඞ් (ශුද්ධ දේශයේ සනීපාරක්ෂක මිනිසා) කෙටිකතාවය. කාන්තාවන් වෙනුවෙන් අඩු මිළ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරන යන්ත‍්‍රයක් හ`දුන්වා දෙන ලද්දේ අරුණාචලම් මුරුගනාදම් විසිනි. එම නිසාම ඔහු සරදමට හ`දුන්වන ලද්දේ පෑඞ් මෑන් ලෙසිනි.

කාන්තාවන් ගේ ඔසප් සෞඛ්‍යය ගැන සාකච්ඡුා කෙරෙන මෙම චිත‍්‍රපටිය නිෂ්පාදනය කළේ ට්වින්කල් ඛන්නාය. එහෙත් පකිස්තානයේ මෙය තිරගත කිරීමට එහි රැු`ගුම් පාලක මණ්ඩලය ඉඩ දී නැත. මෙයින් කාන්තාවන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වන බවත්, මුස්ලිම් කාන්තාවන් බහුතරයක් වෙසෙන රටකට එවන් චිත‍්‍රපටියක් නුසුදුසු බවත් එහි සාමාජිකයෝ කියති.