නොමළමළ මහේෂ් භාත්
යහතින් ජීවත් වෙන ප්‍රසිද්ධ පුද්ගලයන් මිය ගිය බවට කටකතා පැතිරීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ. මෙවර එයට මුහුණ දෙන්නට සිදු වූයේ ප්‍රවීන චිත්‍රපටි නිර්මාණකරු මහේෂ් භාත්ටය. ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය පුවත පසු ගිය දිනෙක ලැව් ගින්නක් සේ පැතිර ගියේය. ඔහුගේ දුවරුන් වන පූජා භාත්ට සහ ආලියා භාත්ට ශෝකය පළ කරමින් පණිවිඩ පිට පණිවිඩ ලැබිණි.
මෙයින් සිත් තැවුලට පත් පූජා භාත් සිය පියා බොහෝ පී‍්‍රතියෙන් සිටින සේයාරුවක් සමාජ වෙබි අඩවිවල පළ කරමින් එම පුවත හුදු කටකතාවක් පමණක් බැව් අනෙක් අයට ඒත්තු ගැන්වූවාය.
සින්ටා නම් වන චිත්‍රපටි සංගමයේ සාමාජිකයෙකු වන මහේෂ් දමෝදර් භාත් නැමැත්තෙකු මිය ගිය පුවත වෙබ් අඩවියක පළ වී තිබිණි. මේ කටකතාව පැතිර යන්නට පටන ගත්තේ එතැන සිටය. මේ මිය ගොස් ඇත්තේ මහේෂ් භාත් නම් චිත්‍රපටි නිර්මාණකරුවා බැව් ඔවුහු අනුුමාන කළහ. ඔහු මිය නොගිය බව ස`දහන් කරමින් පළ කළ පුවතේම පූජා භාත් තමා වෙත ශෝක පණිවිඩ එවූ අයට මෙන්ම කටකතා පැතිරවූ අයටත් ස්තුති කර තිබිණි.
මේ දිනවල මහේෂ් භාත් සිය දියණියන් දෙදෙනා ද සම`ග සාදක් 2 චිත්‍රපටිය නිර්මාණය කරමින් සිටින්නේය. එය 1991 දී තිරගත වූ සාදක් චිත්‍රපටියේ දිගුවකි. එහි පූජා භාත් සහ සන්ජේ දත් ර`ග පෑ චරිත ර`ග පාන්නේ ආලියා භාත් සහ ආදිත්‍ය රෝයි කපූර්ය. තමා මේ චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්නේ අවුරුදු 20කට පසුව බැව් මහේෂ් භාත් කියන්නේය.