නොමළ මුම්ටාස්
මුම්ටාස් මිය ගිය බවට රාවයක් පසු ගිය සතියේ පැතිර ගියේය. එක් යුගයක අතිශය ජනපි‍්‍රය නිළියක වූ ඇයට ආදරය කළ රසිකයෝ ඉන් කැළඹීමට පත් වූහ. ඔවුන් සැනසුම් සුසුම් හෙලූවේ එම පුවත කටකතාවක් බව මුම්ටාස් ගේ දියණිය ටාන්යා මාද්වානි විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සම`ගය. සිය මව සම`ග රෝමයේදී ගන්නා ලද ඡුායාරූප මෙන්ම කෙටි වීඩියෝ පටයක් ද ඇය සමාජ වෙබ් අඩවිවලට නිකුත් කර තිබිණි. ඇය මුම්ටාස් සම`ග සාප්පු සවාරියේ යන අන්දමත් මේ වීඩියෝ පටයේ අඩංගුව තිබිණි.
‘‘කටකතා විශ්වාස කරන්න එපා.. මගේ අම්මා හො`ද සනීපෙන් ඉන්නවා..’’ මාද්වානි ස`දහන් කර තිබිණි.
1947 ජූලි 31 දා උපන් මුම්ටාස් ගේ වයස මේ වන විට අවුරුදු 70 කි. ඉරානයේ උපත ලැබ ඉනික්බිතිව මුම්බායි හි පදිංචි වූ අබ්දුල් සමීර් අස්කාරි සහ සර්දාර් බේගම් හබීබ් අගා ඇගේ දෙමව්පියන්ය. ඇගේ පියා වියළි පලතුරු වෙළෙන්දෙකු වූයේය. 1958 දි ළමා නිළියක් ලෙස සංකාර් චිත්‍රපටියේ ර`ග පාමින් ඇය ක්ෂේත්රයට පය තැබුවාය. යැස්මින්, ස්ති‍්‍ර, සෝනේ කි චිඩියා ඇය ළමා නිළියක ලෙස ර`ග පෑ තවත් චිත්‍රපටි කිහිපයකි.
ඇගේ අම්මා මෙන්ම අක්කාත් නිළියන් වූ බැවින් ඇයට මේ අවස්ථාව ලැබිණි. එහෙත් විවාහයෙන් අනතුරුව අක්කා ක්ෂේත්රයෙන් සමු ගත්තාය. කුඩා වයසේදීම චිත්‍රපටිවල අමතර නිළියක ලෙසින් ර`ග පාන්නට මුම්ටාස්ට සිදු වූයේ ඇගේ පවුල ආර්ථික අර්බුදයකට මුහුණ දුන් බැවිනි.
බී ශ්‍රේණියේ චිත්‍රපටිවල සුූළු චරිත ර`ග පෑවත් ඇය ස්ථාවර නිළියන්ට වඩා හො`දින් ර`ග පාන බවට විචාරකයෝ පැවසූහ. මේ පැසසුම විසින් ඇයට ඒ ශ්‍රේණියේ චිත්‍රපටිවල දොර විවර කර දෙනු ලැබිණි. ඇය වැඩිහිටි චරිතයක් ර`ග පෑවේ ගැහැරා දාග් චිත්රපටියේය. ඒ ප්‍රධාන නිළියගේ සහෝදරියගේ චරිතය වුවත් ඇය බොහෝ සෙයින් අවධානයට පාත්‍ර වූයේ එතුළිනි. සැහැරා, කාජල්, පතිපත්නි, කන්දන්, සවන් කී ගාතා ඇතුළු චිත්‍රපටි රැුසක ඇය සහාය නිළියක ලෙස ර`ග පෑවාය.
1964- 68 කාලයේදී ධාරා සිං සම`ග චිත්‍රපටි 16ක ර`ග පාන්නට ඇයට අවස්ථාව ලැබිණි. ඒවායින් දහයක්ම අති සාර්ථක වූයේය.
1969 දි ඇය රාජේෂ් ඛන්නා සම`ග දෝ රාස්තේ චිත්‍රපටියේ ර`ග පෑවාය. එය බොහෝ සෙයින් සාර්ථක වූ අතර ඇය ඔහු සම`ග බන්ධන් චිත්‍රපටියේ ද ර`ග පෑවාය. ඇය සුපිරි නිළියක ලෙසින් රසිකයන්ගේ සිත්වල වැජඹෙන්නට පටන් ගත්තේ ඉනික්බිතිවය. රෝටි, දුෂ්මුන්, සචා ජූතා, පේ‍්‍රම් කහානි, ආප් කි කසම්, ඇය රාජේෂ් ඛන්නා සම`ග ර`ග පෑ අනෙකුත් චිත්‍රපටිය. ඔවුන් දෙදෙනා තිරයට ඉතාමත්ම ගැලපෙන තරු ජෝඩුව ලෙස හැ`දින්විණි. 1970 76 කාල සීමාවේදී හින්දි සිනමාවේ වැඩිම මුදලක් අය කළ නිළිය මුම්ටාස් වූවාය.
‘‘රාජේෂ් ඛන්නා එක්ක රග පාන්න ලැබීම ලොකු ආශීර්වාදයක්.. මම ජනපි‍්‍රය වුණේ ඔහු සම`ග ර`ග පෑව හින්දා කියලයි මට හිතෙන්නෙ..’’
පුවත්පත් සාකච්ඡුාවකදී ඇය එසේ කියා තිබිණි.
ඒ යුගයේ ජනපි‍්‍රයව සිටි සංජීව් කුමාර්, ශෂී කපූර්, ධර්මේන්ද්‍ර, රාජේන්ද්‍ර කුමාර්, දේව් ආනන්ද්, ජීතේන්ද්‍ර, ශම්මි කපූර් සම`ග පමණක් නොව දිලිප් කුමාර් සම`ගත් ඇය ර`ග පෑවාය. අවුරුදු දාහතරක පමණ කාලයක් ක්ෂේත්රයේ රැු`දී සිටි ඇය චිත්‍රපටි 100කට අධික ප්‍රමාණයක ර`ග පෑවාය. ඇයට සම්මාන ද බොහෝ ගණනක් ලැබිණි. ඕනෑම චරිතයකට පහසුවෙන් පිවිසෙන්නට ඇය තුළ ඇති දක්ෂතාව විචාරක පැසසුමට ලක් වූයේය.
ඇය 1974 දි මයුර් මාද්වානි සම`ග විවාහ වූ අතර සිනමාවෙන් ද සමු ගත්තේ ඇයට එතෙර පදිංචියට යාමට සිදු වූ බැවිනි. එහෙත් ඇය තමා බාර ගත් චිත්‍රපටිවල වැඩ අවසන් වන තුරු ඉන්දියාවෙන් පිටව ගියේ නැත. නතාෂා සහ ටාන්යා ඇගේ දියණියන් දෙදෙනාය.