නොනවතිනි සෝනුගේ උපකාරයන්..
ඉන්දීය සිනමා නළුවෙකුට වඩා මේ වනවිට සමාජ සත්කාරයන්වල නිරත වන පුද්ගලයෙකු ලෙස අතිශය ජනප්රියත්වයට පත්ව සිටින සෝනු සෝඩි ‘කොවිඩ් 19’ වෛයිරසය හේතුවෙන් පීඩාවට පත්වන ඉන්දීය ජනතාවට තවමත් සේවය කරමින් සිටින බව වාර්තා වේ.
මේ වනවිට සෝනු ඉන්දියාවේ බොහෝ දුෂ්කර පළාත්වල සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරින් වෙනුවෙන් මාසික දිමනාවක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව සඳහන් වේ. සෝඩු පවසන්නේ මේ වනවිට ඉන්දීය ජනතාව ආරක්ෂා කරන්නට පොලිස් නිලධාරින් දරන උත්සාහය අගය කළ යුතු බවය.