නේහාගේ අලුත්ම පෙනුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-07-ent-49

2000 වසරේ බොලිවුඩ් සිනමාවට එක්වූ නේහා ඩූපියා පසුගිය කාලයේ එතරම් දකින්නට නොලැබුණ බොලිවුඩ් සිනමා නිළියකි. කෙසේ වෙතත්, පසුගිය වසරේ තිරගත වූ ‘තුමාහාරි සුළු’ චිත්‍රපටය හරහා ඇය පිළිබඳව නැවතත් කතා බමක් මේ වනවිට ඇතිව තිබේ. එයට හේතුව නම් ඇය එහි රඟපෑ ‘මරියා’ චරිතය ඉන්දීය සිනමා සම්මාන උළලෙයන් කිහිපයකදීම වසරේ හොඳම සහය නිළිය ලෙස සම්මානයටත් නිර්දේශයටත් පාත්‍ර වීමය.

පසුගිය කාලයේ තරමක් තරබාරු වී සිටි නේහා මේ වනවිට සිය පෙනුම ඊට හාත්පසින්ම වෙනස් කර ගෙන සිටියි. ඒ ඉදිරියේදී ඇය අජේ දේව්ගන් සමගින් ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපටය සඳහා බව වාර්තා වේ. සුපිරි නළුනිළියන් සමග බොහෝ චිත්‍රපට ප්‍රමාණයක සහය චරිත සඳහා රංගනයෙන් දායක වී ඇති නේහාට අජේ සමගින් ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්නට ලැබීම සතුට දනවන්නක් බව පවසා ඇත.