නේහා කක්කර් සමාජ මාධ්‍යයන්ට සමුදෙයි
‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන රැසකින් පිදුම් ලැබු ජනප්‍රිය ඉන්දීය ගායිකා නේහා කක්කර් මේ වනවිට සිය සමාජ මාධ්‍යයන් වලින් ඉවත්ව ඇති බවට තොරතුරු වාර්තා වි තිබේ. ඇය මෙසේ සමාජ මාධ්‍යයන්වලින් ඉවත්වීමට හේතුව වී ඇත්තේ සුපිරි තරු එකිනෙකා සමාජ මාධ්‍යයන් ඔස්සේ දොස් පවරා ගැනීම හේතුවෙනි.
මීට දින කිහිපයකට පෙර සිය දිවි හානි කරගත් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සුශන්ත්ට එරෙහිව හා සහාය පළ කරමින් පසුගිය දිනවල සුපිරි තරු සිය සමාජ ගිණුම ඔස්සේ සටහන් තබන්නට ගත් උත්සාහය මීට හොඳම උදාහරණය බවද ඇය පවසා සිටියි. නේහා කක්කර් පමණක් නොව මේ වනවිට සොනක්ෂි සින්හා, ආයුෂ් ෂර්මා, ක්‍රිති ෂැනොන්, විකී කෞශාල් ඇතුළු තරුණ නළුනිළියන් පිරිසක් මේ වනවිට සමාජ මාධ්‍යයන්ගෙන් ඈත්ව සිටින බවට තොරතුරු වාර්තා වෙ.