යුවතියකගේ වටිනාම වස්තුව ඇගේ මුහුණ වෙන්නේ ඇයි?
කාන්තාවකගේ පෙනුම ගැන බලද්දී මුහුණ තමයි හැම විටම වඩාම වැදගත් සාධකය වෙන්නේ. මොකද පිරිමියෙක් කිසියම් තැනකදී ගැහැනියක් දැකලා ඇය කෙරෙහි පළමු හැගීම ඇති කර ගන්නේ ඇගේ මුහුනේ ස්වභාවය නිසයි. හිතන්න පිරිමියෙක් මගුල් ගෙදරක් හෝ වෙන උත්සවයකදි දකින ගැහැණියකගේ දුරකථන අංකය ඉල්ලා ගන්නේ, එහෙම නැත්නම් ඇය FB එකට එකතු කර ගන්නේ ඇගේ ගති ගුණ ගැන වැටහීමක් ඇතිව නෙවෙයි. පළමුව ඔහු ඇගේ මුහුණට කැමති නිසා තමයි ඒ වගේ ප්‍රතිචාරයක් දක්වන්නේ.
ඇතැම් අවස්ථා වල දුර සිට කාන්තාවක් දැකලා ලඟට ගිය ගමන් ඇගෙන් ඉවත් වෙලා යන්නේ ඇයි? ඒ ගැහැනියගේ මුහුණ ඔහුට ආකර්ශනීය නොවෙන නිසයි.
මුහුණ තමයි ඇයගේ අනන්‍යතාවය
මුහුණ තමයිගැහැණියකගේ අනන්‍යතාවයක් දෙන ලක්ෂණය. ඕනෙම කෙනෙක් ඔබව හඳුනා ගන්නේ මුහුණෙන්. කෙනෙක් ඔබ හරියටම අඳුනා ගන්නේ ඔබේ මුහුණ බලලා. ශරීර හැඩයන් එක වගේ වුනාට එක මූණක් තව මූනකින් වෙනස්. නිවුන් සහෝදරයෝ පවා එක සමාන නැහැ. මුහුණේ වෙනසක් තිබෙනවා. “අනේ එයාගේ මූණ හරිම කරුණාවන්ත පාටයි” . “එයාගේ මූණ හරි නපුරු පාටයි” වගේ දේවල් ඔබත් කියලා ඇති. අපේ චරිත ස්වභාවයන් ගැන පවා එක වරම හඳුනා ගන්නට අපේ මුහුණ ගොඩක් ඉවහල් වෙනවා.
මුහුණේ අංග ලක්ෂණ මගින් පෞර්ෂය මනින ක්‍රම ඕන තරම් පුරාණ භාරතීය සහ ශ්‍රී ලාංකික පොත් පත් වලත් තිබෙනවා. මුහුණේ හැඩයෙන්, නහයේ හැඩයෙන්, දෙනෙත් වල පිහිටීමෙන් හරියටම ගැහැණියකගේ ලක්ෂණ කියන ආකාර බොහෝ විට සදහන් වෙනවා.
ඇය විනෝදයටද බිරිඳ ලෙස ගෙදර ගෙනියන්නද?
තමාගේ ජීවන සහකාරිය නැත්නම් භාර්යාව තෝරන්න බොහෝ දෙනෙක්ට ඇගේ මුහුණේ පෙනුම තමයි වැදගත්ම හේතුව ලෙස සලකන්නේ. ශරීර හැඩය ආකර්ෂණය ලබන්න හේතුවක් උනත් ඊළඟ පියවර එනම් ආදර සම්බන්ධයක් ඇති කර ගැනීමට නම් මුහුණ සහ එහි ස්වභාවය අනිවාර්යයෙන්ම හේතු වෙනවා.
ශරීරයේ ලස්සන කියන දේ මනින මිනුම් වෙනස් වෙනවා
ඉස්සරම සැලකුනේ මහත පිරුන කාන්තාවන් සුන්දරයි කියල. නමුත් පසුව ඉතාම කෙට්ටු ඇටකටු පෑදුන ගැහැණු ලස්සන බව සැලකුණා. මේවා ඇත්තටම ලෝකයේ මෝස්තර නිරූපන කර්මාන්තය මගින් ඇති කරන නිර්ණායක තමයි. නමුත් මුහුණේ ලස්සන කියන එක වෙනුවෙන් කිසිම දිනක නිර්ණායක පැමිණියේ නැහැ. ශරීරය කොතරම් පිරිපුන් හෝ සිහින් උනත් මුහුණ ලස්සන ගැහැනියක් ලස්සන ගැහැනියක් ලෙස සලකනවා.
ශරීර හැඩය කාලය සමග වෙනස් වෙනවා
විවාහ දිවියට පැමිණියාම අනිවාර්යයෙන්ම කාන්තාව ගර්භනී වෙනවා. ඉන් පසුව ඇගේ ශරීරයේ ගොඩක් විශාල වෙනස්කම් සිද්ධ වෙනවා. බිරිඳ කොතරම් මහත් වුනත්, ඇගේ ශරීර හැඩය ඉස්සර වගේ ආකර්ශනීය නැතත් සැමියාගේ හිත ඇය වෙතින් ඉවත් වෙන්නේ නැහැ. මුහුණ ගර්භනී වීම සමග වෙනස් වෙන දෙයක් නොවේ. සුන්දර මුහුණ හැමදාම සුන්දරව තිබෙනවා ඔබ කොතරම් මහත් වුනත් කෙට්ටු වුනත්. ඒ වගේම විවාහ වුන අඹු සැමියෝ අතර ඇති ආදරෙත් නොවෙනස්ව පවතිනවා.
මුහුණ තමයි ඉස්සෙල්ලම වයසට යන්නේ
ලස්සන මුහුණ කියන්නේ සෙමෙන් වෙනස් වෙන දෙයක්. වයස යද්දී මුහුණත් වයසට යනවා. සම මලානික වීම,ඇස යට රැලි, මුහුණේ රැලි, සම තැනින් තැන මෙලනින් තැම්පත් වීම් සහ නහර මතුවීම වගේ දේවල් කාලය සමග වෙනවා. මේ නිසා ඔබේ වටිනාම වස්තුව දැන් සිටම රැක බලා ගැනීම ඔබේ වගකීමක්.
වටිනාම වස්තුව රැක ගැනීම නුවණැති කාන්තාවන්ගේ සිරිතක්
ගැහැණු කෙනෙක් හැම වෙලේම තමන්ගේ මුහුණේ ලස්සන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ඔබ කණ්නාඩිය ඉදිරියට ගිහින් බලන්න ඔබේ මුහුණෙත් සුන්දර ලක්ෂණ තිබේද කියල. ඒ සුන්දරත්වය තමයි ඔබව සාර්ථකත්වයට පත් කරන්නේ. අමතක කරන්න එපා හොඳම සහකරුවෙක් හොයා ගැනීමට ඒ වගේම ඔබේ සහකරුවා ඔබ වෙත ඇද බැඳ තබා ගැනීමට ඔබේ මුහුණේ පෙනුම බොහෝ සෙයින් ඉවහල් වෙනවා. ඒ වටිනා දේ රැක ගැනීම යහපත් කාන්තාවකගේ ලක්ෂණයක්.