නිළියක බලෙන් නිරුවත් කරන්න ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-01-ent-129

හොලිවුඩ් නිළි ඩෙබ්රා මෙසින් බරපතළ පැමිණිල්ලක් ඉදිරිපත් කරලා. ඇය දැඩි කලකිරීමෙන් පවසන්නේ පසුගිය දිනක චිත්‍රපට අධ්‍යක්ෂ අල්ෆොන්සෝ ඇරෝලෙඩ්ලිගෙන් ඇයට නින්දා අපහාස විඳීමට සිදුවූ බවයි. තමන්ගේ සිරුරට අනිසි බලපෑම් කරමින් ලජ්ජාවට පත්කළ මේ අධ්‍යක්ෂවරයා, තම ආත්මගරුත්වයට දැඩි ලෙස නිගා කළ බවද ඩෙබ්රා සඳහන් කර තිබෙනවා. මෑතකදී රූගත වූ ‘අ වෝක් ඉන් ද ක්ලවුඩ්ස්’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වීමේදී, එහි අධ්‍යක්ෂ අල්ෆොන්සෝගේ අනිසි බලපෑම්වලට තමන්ට මුහුණදීමට සිදු වූ බව ඇය පවසනවා.

එහිදී ඇයට මුල්ම දිනවේ කීනු රීව්ස් සමගින් ප්‍රේම ජවනිකාවක් සඳහා රංගනයෙන් දායක වීමට සිදු වී ඇති බවත්, එහි රංගන කටයුතු සිදුකිරීමේදීඅධ්‍යක්ෂවරයා ඇයට අපහාසාත්මක දේවල් පවසා ඇති බවත් සඳහන් වෙනවා. ඊට අමතරව ඔහු නිරුවත් දර්ශනයක් සඳහා තමන්ට බලකර තිබෙන බවද ඇය පවසා තිබෙනවා. නමුත් එවැනි දර්ශන ඇති බවට ඔහු මුලදී නොපැවසූ බවත්, මෙය තමන්ගේ චිත්‍රපටය බැවින්තමාට අවශ්‍ය පරිදි මෙහි කටයුතු කළ යුතු බවත් කියමින් අධ්‍යක්ෂවරයා තර්ජනය කළ බව ඇය පවසනවා.

 

 2017-03-01-ent-130