නිළි ජීවිතයෙන් සමු ගෙන බුද්ධ ශාසනයට ඇතුළු වූ බොලිවුඞ් තරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බෞද්ධ දර්ශනය ගැන පැහැදීම නිසා තමා සතු සියල්ල අත් හැර දමා මහණ දම් පුරන්නට ගිය අයගේ කතාන්දර අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. මෑතකදී එලෙස නිර්වාණ ශාන්තිය පතා අබිනික්මන් කළ ජනපි‍්‍රය නිළියෝ කිහිප දෙනෙක්ම වෙති.

 

බර්කා මාදන්


2019-05-13-ent-134

 

1974 දී පන්ජාබ් පවුලක උපත ලද බර්කා ඉංගි‍්‍රසි සාහිත්‍ය උපාධිධාරිනියකි. 1994 දී ඇය අයිශ්වර්යා රායි, සුෂ්මිතා සෙන්, ස්වේතා මෙනන් සම`ග ඉන්දියානු රූ රැුජින තර`ගයේ අවසන් වටයට තේරුණාය. මැලේසියාවේ පැවති ජත්‍යන්තර සංචාරක රූ රැුජින තර`ගයේ දෙවන ස්ථානය දිනා ගත්තේ බර්කාය. ඉනික්බිතිව ඇය සාර්ථක නිරූපිකාවක බවට පත් වූවාය. ඇය නිළියක ලෙස දොරට වැඩියේ ආක්ෂේ කුමාර් සහ රේඛා සම`ග කිලාඩියොන්කා කිලාඩි චිත‍්‍රපටියේ ර`ග පාමිනි. 2003 දී ඇය භූත් චිත‍්‍රපටියේ අවතාරයක් ලෙස ර`ග පෑවාය. එය ඇගේ වෘත්තීය ජීවිතයේ සන්ධිස්ථානයක් වූයේය.

ඇය රූපවාහිනියේ ද ජනපි‍්‍රය චරිතයක් වූවාය. ඇය ර`ග පෑ ටෙලි නාට්‍ය ප‍්‍රමාණය විස්සකට අධිකය. ගෝල්ඩන් ගේට් නමින් චිත‍්‍රපටි නිෂ්පාදන ආයතනයක් ආරම්භ කළ ඇය නිෂ්පාදිකාවක බවට පත් වූවාය. සොච් ලෝ සහ සුර්කාබ් ඇය නිෂ්පාදනය කළ චිත‍්‍රපටි දෙකය. මේවායේ ප‍්‍රධාන චරිත ර`ග පෑවේ බර්කාමය.

කෙසේ වෙතත් ලෞකික ජීවිතය පිළිබ`ද ඇල්ම ටිකෙන් ටික ඇගේ සිතින් ඈත් වූයේය. ඇය දලයි ලාමාතුමාගේ ඉගැන්වීම්වලට ඇලූම් කරන්නට පටන් ගෙන එතුමාගේ අනුගාමිකාවක වූවාය. ඇය මෙහෙණියක බවට පත් වූවේ 2012 දීය. දැන් ඇගේ නම ග්යාල්ටන් සම්ටන්ය.

‘‘මේ ජිවිතේ ලොකු මායාවක්.. සැනසීම තියෙන්නෙ අධ්‍යාත්මික ජීවිතේ ඇතුළෙ විතරයි.. දැන් මම හු`ගාක් සැහැල්ලූවෙන් සතුටින් ඉන්නවා..’’ ඇය කියන්නීය.

 

 

අනු අගාර්වල්


2019-05-13-ent-135

ආශිකි චිත‍්‍රපටියේ ර`ග පාමින් බොලිවුඩයට පය තැබූ අනු අගාර්වල් එයින්ම ජනපි‍්‍රය වූවාය. චිත‍්‍රපටිය අදායම් වාර්තා බි`ද හෙළමින් සාර්ථකව ප‍්‍රදර්ශනය විණි. ඉනික්බිතිව ඇය කිංග් අන්කල්, ගසාබ් තමාශා ඇතුළු චිත‍්‍රපටි ගණනාවකම ර`ග පෑවාය. 1999 දී ඇය කාරයෙන් ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකට මුහුණ පෑවාය. එය මොන තරම් බිහිසුණු අනතුරක් වී ද යත් ඇයට මාසයකට අධික කාලයක් සිහිසුන් තත්වයේ පසු වෙන්නට සිදු වූයේය. ජිවිතය බේරා ගන්නට හැකි වුණත් ඇගේ රුව ද වෙනස් වී තිබූ නිසාදෝ ඇය තුළ කළකිරීමක් ඇති වූයේය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ ඇය බිහාරයට ගොස් භාවනාව ප‍්‍රගුණ කරන්නට පටන් ගැනීමය. දැන් ඇය කියන්නේ සිදු වු කිසිම දෙයක් ගැන දැන් ඇය තුළ පසුතැවිල්ලක් හෝ කළකිරීමක් නැති බවය.

 

 

සොෆියා හයාත්


2019-05-13-ent-137

 

නිරූපිකාවක්, නිළියක් පමණක් නොව ඉන්දියාවේ ජනපි‍්‍රය රියැලිටි වැඩ සටහනක් වන බිග් බොස් හි තර`ගකාරිනියක ලෙස ද සොෆියා හයාත් කටයුතු කළාය. ලෝකයේ අනුරාගීම කාන්තාවන් අතර ද ඇයට සුවිශේෂී තැනක් හිමි වී තිබිණි. ඇය චිත‍්‍රපටි පමණක් නොව ටෙලි නාට්‍ය ගණනාවකත් ර`ග පෑවාය. රූපවාහිනී වැඩ සටහන් කිහිපයක්ම මෙහෙයවූවාය. එහෙත් පසුව ඇයට අධ්‍යාත්මික ජීවිතය කෙරෙහි ඇල්මක් ඇති වූයේය. සියලූ දෙනාම පුදුමයට පත් කරමින් ඇය මෙහෙණියක බවට පත් වූවාය. දැන් ඇගේ නම ගයා සොෆියා මෑණියන්ය.

 

 

මම්තා කුල්කර්නි


2019-05-13-ent-136

 

ආශික් අවාරා, සබ්සේ බඩා කිලාඩි, ක‍්‍රාන්තිවීර් ඇතුළු චිත‍්‍රපටි රැුසක ර`ග පෑ මම්තා 90 දශකයේ ජනපි‍්‍රය නිළියකව සිටියාය. එහෙත් මත් ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ වීම පිළිබ`දව ඇයට චෝදනා එල්ල විණි. එම නිසාම රිදී තිරයෙන් සමු ගත් ඇය දැන් භක්තිමත් උපාසිකාවක වී සිටින්නීය. දැන් තමාගේ නම නොව අධ්‍යාත්මය බබලන බැව් ඇගේ හැ`ගීමය.