නිෂ්පාදිකාවක් රංගනයට පිවිසෙයි
චිත්‍රපට නිෂ්පාදිකාවක්, අධ්‍යක්ෂකවරියක් මෙන්ම චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙසද කටයුතු කර ඇති දිව්‍යා කෝෂාල් කුමාර් බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට මේ වනවිට සූදානමින් සිටියි. මිලාප් සවේරි අධ්‍යක්ෂණය කරන හා දිව්‍යාගේ සැමියා වූ බූෂාන් කුමාර් නිෂ්පාදනය කරන ‘සත්‍යමේවා ජායති’ දෙවැනි චිත්‍රපටය සඳහාය.
ඇය එහි ‘සීතා රමේශ්වර්’ නම් ප්‍රධාන නිළියගේ භූමිකාව නිරූපණය කරනු ලබයි. දිව්‍යා මෙහි රංගනයෙන් දායක වෙන්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්‍ර්හිම් සමග වීම විශේෂත්වයකි. අතිශය ජනප්‍රිය වූ ‘යාරියාන්’ හා ‘සනම් රේ’ චිත්‍රපට අධ්‍යක්ෂක කර ඇත්තේද දිව්‍යා විසින් වන අතර, ආදායම් අතින් අති සාර්ථක වූ ‘රෝයි’, ‘බට්ලා හවුස්’ , ‘මර්ජවාන්’ ඇතුළු චිත්‍රපට 6ක් ඇය විසින් නිෂ්පාදනය කොටද තිබේ.