නිවාඩු ගත කරන්නට මාලදිවයිනට ගිය සිනමා නිළියන්
මේ වනවිට දකුණු ඉන්දීය සුපිරි නිළියන් කිහිප දෙනෙකුම මාලදිවයිනේ සංචාරය කරමින් සිටියි. රකුල් ප්රිත් සිං සිය පවුලේ සාමාජිකයන්ද සමග මාලදිවයිනට ගොස් ඇති අතර, සුරූපි සමන්තා රිතු තනිවම නිවාඩුවක් ගත කරන්නට මාලදිවයිනට පැමිණ තිබේ.
එමෙන්ම නයන්තරාද සිය මිතුරියකගේ උපන්දින සාදයක් සඳහා මාලදිවයිනට මේ වනවිට ගොස් ඇතැයි වාර්තා වෙයි. ඇය දින පහක කාලයක් එහි රැඳි සිටිමටද සූදානමින් සිටින බව වාර්තා වෙයි. බොලිවුඩ් සිනමා නිළියන් වන සෝහා අලි ඛාන්, මවුනි රෝයි, ක්‍රිති ෂැනොන්ද පසුගිය දිනවල මාලදිවයිනට ගොස් තිබුණි. දැනට මධුසමය ගතර කරමින් සිටින කාජල් අග්රවාල්ද තවමත් මාලදිවයින සිටියි.