නිව්යෝර්ක් ගිය අර්ජුන්, මලේයිකා
පසුගිය දිනවල නිවාඩුවක් ගත කිරීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට ගිය ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුනිළි යුවලක් වූ අර්ජූන් කපූර් හා මලේයිකා ආරෝරා ඇමෙරිකාවේ, නිව්යෝර්ක් නගරයේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රිෂි කපූර්ගේ සුවදුක් බැලිමටද ගොස් ඇත.
වර්තමානයේ බොලිවුඩයේ ජනප්‍රියත්ම පෙම්වතුන් යුවළ වන මලේයිකා හා අර්ජූන් තවත් නොබෝ දිනකින් විවාහ දිවියටද එක්වීමට සූදානමින් සිටියි. කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා ඉන්දියාවෙන්, නිව්යෝර්ක් නගරය බලා පිටත්ව ගියේ අර්ජූන් කපූර්ගේ 34 වැනි උපන්දිනය සැමරීමට බව සඳහන් විය.