නිවහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2015 තිරගත වූ අලිගාර් චිත්‍රපටියේ තිරකතා රචක අපූර්ව අස්රානි සමලිංගිකයෙකි. ඔහුගේ සහකරු වන සිද්ධාන්ත් සහ ඔහු ගෙවල් කුලියට ගත්තේ ඥාති සහෝදරයන් ලෙස පෙනී සිටිමිනි. එයට හේතුව සමලිංගිකයන්ට ගෙවල් කුලියට දෙන්නට බොහෝ ගෙවල් හිමියන් අකැමැති වීමය.

“ඔයාලා ගෙදර තිර රෙදි අරින්න එපා.. එහෙම ඇරියොත් ඔයාලා කවුද කියල අසල්වැසියො දැන ගනියි...’‘

ඔවුන්ගේ නියම ස්වභාවය හැඳින ගත් සමහර ගෙවල් හිමියෝ එසේ කියා ගෙයක් කුලියට දුන් අවස්ථා ද තිබිණි.

අවුරුදු දහ තුනක්ම කුලියට ජීවත් වීමෙන් පසුව ඔවුහු දෙදෙනා  ගෙයක් මිළ දී ගත්හ. එම නිවසේ ඉදිරිපස ඔවුන් දෙදෙනාගේම නම් සඳහන් පුවරුවක් එල්ලා තිබේ.

“අපිට දැන් අපි සමලිංගිකයො කියලා කාගෙන්වත් හංගන්න වුවමනාවක් නෑ.. අසල්වැසියො හැමෝටම අපි කැමැත්තෙන්ම ඒක කියනවා..” අපූර්ව පැවසීය.

ඔහු ජාතික සම්මානයෙන් පිදුම් ලද චිත්‍රපටි සංස්කාරකවරයෙකු ද වන්නේය.

සිය සහකරු සිද්ධාන්ත් සමඟ ගන්නා ලද සේයාරුවක් ඔහු සිය ට්වීටර් ගිණුමේ ද පළ කර තිබේ.  

20200614Apurva-1 20200614Apurva-2