නිල් භූතයා වූ විල් ස්මිත්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-20-ent-56

ඩිස්නි කාටූන් අතරින් දශක ගණනක් පුරාවටම අතිජනප්‍රියත්වය වූ ‘ඇලඩින්’ හි චිත්‍රපටය මේ වසරේ මැයි මාසයේ එළිදැක්වීමට සියලු කටයුතු සූදානම්.

ගයි රිචිගේ අධ්‍යක්ෂණයක් වන “ඇලඩින්” හි නවතම පූර්ව ප්‍රචාරක පටය පසුගියදා පැවති ග්‍රැමි සම්මාන උළෙල අතරතුර දී එළිදක්වනු ලැබුණු අතර, මෙම චිත්‍රපටයේ ප්‍රධාන හා ජනප්‍රියතම චරිතයක් වන පුදුම ලාම්පුවේ ’ජීනී ’ ගේ චරිතය ඇතුළත් පළමු දසුන් එහි අඩංගු විය.

මෙම චරිතයට පෙනී සිටියේ ‘මෙන් ඉන් බ්ලැක්’, ‘ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ’ වැනි චිත්‍රපට ඔස්සේ දැවැන්ත ජනප්‍රියත්වයක් ගොඩනගා ගත් විල් ස්මිත්.

කෙසේවෙතත්, නිල් පැහැති විල් ස්මිත් ගේ රුවට අන්තර්ජාලය දක්වා තිබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.