නිල් ඇස් ඇති කුමාරයා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-21-ent-56

නිල් ඇස් සහ රෝස පැහැති කම්මුල් සහිත තායිමූර් අලි ඛාන් පතාඋඩි සිය මව කරිනා කපූර් සහ පියා සායිෆ් අලි ඛාන් සමග ස්විට්සර්ලන්තයේ ග්ස්ටාඞ් පෙදෙසේ නිවාඩුවක් ගත කර පැමිණියේය. අම්මාත් තාත්තාත් හැම අවුරුද්දකම අලංකාර ග්ස්ටාඞ් පෙදෙසේ සංචාරයේ යෙදනෙ නමුත් මේ තායිමූර් රටින් පිට ගිය ප‍්‍රථම වතාවය. සත්මස් වියැති ඔහු සිය ඡායාරූප ගන්නට පොර කන පැපරාසින් හමුවේ වුවත් කලබල වූයේ නැත. නිල් දෑසේ කුතුහලය පුරවාගෙන ඔවුන් දෙස බලා සිටියා පමණකි. පතාඋඩි පරපුරේ රාජකීය තේජස දැන්මම ඔහු කෙරෙන් ප‍්‍රදර්ශනය වන්නේ යයි සමහරු කියති.

ස්විට්සර්ලන්තයේදී කරීනා සහ සායිෆ් අලි ඛාන් ඇවිදින්නට ගියේ තායිමූර් ළදරු කරත්තයක හි`දුවාගෙනය. ඔහු ඔවුන්ගේ විනෝදයට කිසිදු බාධාවක් නොකර සෙල්ලම් කරමින් සිටියේය. නිවාඩුවෙන් අනතුරුව පැමිණී විගසම කරීනා පුතු ද ගෙන අම්මා බබිතා බැහැ දකින්නට ගියාය. ඒ ගමනත් මාධ්‍යවලට රහසින් යන්නට ඔවුන්ට පුළුවන්කමක් තිබුණේ නැත.