නිරෝධායනය අතරේ පාන් හදන යමී ගෞතම්
රංගන කටයුතුවලින් තාවකාලිව ඈත්ව සිටින බොලිවුඩ් සිනමා නිළි යමී ගෞතම් නිවසේ සිට නිරෝධායන කටයුතුවල නිරතවන බවට තොරතුරු වාර්තා වේ. නිරෝධායනය වන අතරේ ඇය විසින් සිය රසික, රසිකාවියන් වෙනුවෙන් තම %ඉන්ටර්ගෑම්ස්^ ගිණුම හරහා ග්ලූටන් රහිත පාන් වර්ගයක් සාදන ආකාරයක් පිළිබඳව විස්තර ඉදිරිපත් කර තිබේ.
ඇය මේ සම්බන්ධව වැඩිදුරටත් පවසා ඇත්තේ නිවසේ සිට විවේකව ගත කරන මොහොතේ මෙම පාන් වර්ගය අත්හදා බලන්නට උත්සාහ කරන ලෙසය. ඇයට අමතරව තවත් සිනමා නිළියන් බොහෝ දෙනෙකු සිය රසික, රසිකාවියන් වෙනුවෙන් විවිධ දේවල් සිය සමාජජාල පිටු හරහා රසික පිරිස් දැනුම්වත් කරමින් සිටින බව වාර්තා වේ.