නිරෝධානය කාලය අවසන් කළ අමිරා
බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට රැසක රඟපා ඇති අමිරා දස්තූර් මේ වනවිට සිය නිරෝධායන කාලය අවසන් කර ඇතැයි වාර්තා වෙයි. ඇය දින 14ක කාලයක් ස්වයං නිරෝධානය වී සිටි අතර, ‘කොවිඩ්’ රෝගය වෙනුවෙන් කළ පරික්ෂණවලදී ඇයට එම රෝගය වැළඳී තිබුණ බව වාර්තා විය.
ඇය පැවසුවේ ‘කොවිඩ්’ රෝගය වැළඳි දින තුනක් ගත වෙද්දි ඇයට සියලු රෝග ලක්ෂණ පහළ වි තිබුණ බවය. දින පහක් වෙද්දි තමන්ට පුර්ණ සුවය ලැබුණ බව පවසන ඇය මේ වනවිට සිය නිරෝධායන කාලයද අවසන් කර තිබේ. අමිරා පවසන්නේ තමා තවත් දින කිහිපයකින් පසුව නැවතත් සිය සුපුරුදු කලාකටයුතු සඳහා එකතු විමට සූදානමින් සිටින බවය.