නිරූපිකාවක් වුණ මීරා රාජ්පූත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-928

මේ වනවිට බොලිවුඩයේ සිටින සූන්දරතම මව බවට පත්ව සිටින ෂාහිඩ් කපූර්ගේ බිරිඳ මීරා රාජ්පූත් පසුගියදා ඡායාරූප ගත කිරීමට එක්ව සිටි බවට තොරතුරු වාර්තා වේ. ඒ ජනප්‍රිය ඇඳුම් නිර්මාණකරුවෙකු වන මනිෂ් මල්හෝත්‍රා නිර්මාණය කළ අලුත් ඇඳුම් විලාසිතාවක් සඳහා පෙනී සිටිමිනි. ඇය එවැනි කටයුත්තකට දායක වු පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මේ වනවිට එම ඡායාරූප ගත කිරීමේ ඡායාරූප හා විඩියෝවක් අන්තර්ජාලයට යොමුව තිබේ. මෙම රූපගත කරන අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයක් මීරා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති අතර, එය බොලිවුඩ් නළුනිළියන්, ගායක, ගායිකාවන් මෙන්ම ප්‍රසිද්ධ ප්‍රද්ගලයන්ද යහපත් ප්‍රතිචාර දක්වා තිබුණද දකින්නට ලැබේ.