නිරූපණයට අමතරව ෂනාලි දැන් රැකියාවක් කරනවා
සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වූ නාලන් මෙන්ඩිස්ගේ 'සල්සපුනා' ටෙලි නාට්‍යයේ 'ආලියා' ලෙස ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනාගත් ෂනාලි වීරසිංහ වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි. වසර කිහිපයක් තිස්සේ නිරූපිකාවක් ලෙස කටයුතු කළ ඇය පසුගිය දිනවල රංගන ශිල්පිනියක් ලෙසද ඔබගේ ආදරය දිනාගන්නට සමත් විය. පසුගියදා ෂනාලි නව රැකියාවකට එක්වූ අතර, ඒ පිළිබඳව ඇය පැවසුවේ මෙවැන්නකි.
"නිරූපිකාවක් ලෙස කටයුතු කරන අතරවාරයේදී මට හිතුණා රැකියාවකටත් යොමු වෙන්න. ඒ නිසා මම 'සොෆ්ට්ලොජික් ලයිෆ්' ආයතනයට බැදුණේ. මේ වනවිට මම එහි විකුණුම් හා අලෙවිකරණ අංශයේ සේවය කරනවා. නියමිත වැඩ ටික වෙලාවට කරන නිසා නිරූපණ කටයුතුවලටත් සම්බන්ධ වෙන්න කාලයක් ඒ හරහා ලැබෙනවා. 'සල්සපුනා' නාට්‍යයෙන් අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ. ටෙලි නාට්‍යය කිහිපයකට එකතු වෙන්න ආරාධනා ලැබුණා. නමුත්, හොඳ නිර්මාණ ඒ අතර තිබුණේ නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් ආයෙත් රංගන ශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයන් අතරට එන්න මම සූදානමින් සිටිනවා."