නිරුවත් වූ සින්ඩරෙල්ලා Lily James



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-22-ent-64   2017-05-22-ent-65

සින්ඩරෙල්ලා නම් චරිතය තුළින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් ලිලී ජේම්ස් පිළිබඳව ආන්දෝලනාත්මක පුවතක් පසුගිය කාලයේ වාර්තා කරනු ලැබුවා. නිරුවත් වූ දැක්වෙන් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධියට පත්වීමයි. ඇයගේ මෙම පුවත පසුගිය කාලයේ ඉතාමත් සීග්‍රෙයෙන් පැතිරී ගියේය. මෙම පුවත නිසා ඇයට බොහෝ ලෙස අපහාසාත්මක පුවත් අන්තර්ජාලය ඔස්සේ නිර්මාණය විය. ඒ ඇය මීට පෙර මෙවැනි චරිත සඳහා රංගනයෙන් දායක නොවීම නිසාවෙනි. ඇයගේ චරිතයන් බොහෝ ලෙස විනීත භාවයක් පෙන්නුම් කර බවද සඳහන් වෙනු ලබයි. කෙසේ වෙතත් ඇය මෙලෙස නිරුවතින් රංගනයෙන් දායක වී ඇත්තේ The Exception නම් චිත්‍රපටය සඳහාය. මේ කාරණාව හේතුවෙන් ඇය පිළිබඳව බොහෝ දෙනාගේ අප්‍රසාදය පළ වී තිබේ.

2017-05-22-ent-67The Exception චිත්‍රපටය 2016 දී එළිදැක්වූවත් එම චිත්‍රපටයේ එම දර්ශනයන් ඉවත් කර තිබුණු බව සඳහන් වෙයි. කෙසේ වුවත් නැවත එම දර්ශනයන් අන්තර්ජාලයට එක්වීමෙන් ඇය පිළිබඳව කතාබහ කිරීමට විදෙස් මාධ්‍ය පෙළෙඹ වී තිබේ. මෙම කාරණාව පිළිබද ලිලී කිසිඳු ප්‍රකාශයක් මේ වනවිට සිදු කර නොමැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබයි. ඇය පිළිබඳව විදෙස් මාධ්‍ය කතාකිරීමට පෙළෙඹෙන හේතුවෙන් ඇය පිළිබඳව තොරතුරු බිඳක් අප මෙහි සටහන් කරනෙමු.

1989 වර්ෂයේදී උපත ලැබූ ඇය ලයිලි චෝල් නයින්ටේ තොම්සන් වූවත් ඇයව වඩාත් ප්‍රසිද්ධ වන්නේ ලයිලි ජෙම්ස් යන නමිනි. ඇයගේ රංගන ගමන ආරම්භ වන්නේ 2010 වර්ෂයේදී BBC සමාගමේ නිෂ්පාදනයක් වන Just William රූපවාහිනි කතාමාලව ඇසුරෙනි. රූපවාහිනි නිර්මාණයන් තුලින් ක්ෂේත්‍රය තුළ සැරිසැරීමට ඇයට අවස්ථාව හිමි වූවත් ඇය රංගනයෙන් දායක වූයේ කතාමාලාවන් 04කට පමණි. 2011 වර්ෂයේදී Secret Diary of a Call Girl නම් රූපවාහිනි කතාමාලාව සඳහා දායක වන ලදී.

ඉන්පසුව ඇය 2012 වර්ෂයේදී ප්‍රථම වරට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වූවාය. එය Chemistry නම් කෙටි චිත්‍රපටය සඳහාය. 2012 වර්ෂයේදී නිෂ්පාදනය කරනු ලැබූ රූපවාහිනී කතාමාලාවක් වන Downtown Abbey කතාමාලාව සඳහා රංගනයෙන් දායක වන ලදී. 2014 වර්ෂය වනවිට රූපවාහිනි වාර 20ක් සඳහා රංගනයෙන් දායක වන ලදී.

මෙම කතාමාලාව හේතුවෙන් Screen Actor Guild සම්මානයෙන්ද ඇය පිදුම් ලැබීමට ඇයට අවස්ථාව හිමිවිය. එම සිනමා ගමනින් ඇය 2012 වර්ෂයේදී Wrath of the Titans චිත්‍රපටයටද, Broken චිත්‍රපටයටද, Fast Girl චිත්‍රපටයට දායක වූවාය. 2015 වර්ෂෙය්දී ඇය දායක වූ Cinderella චිත්‍රපටය හේතුවෙන් ඇයව බොහෝ ප්‍රසිද්ධියට පත්විය.

ඇයව බොහෝ දෙනා හඳුන්වනු ලැබුවේ, සින්ඩ්‍රෙරල්ලා ලෙසයි. එම වර්ෂයේදී ඇය නැවතත් දායක වූයේ Burnt චිත්‍රපටය සඳහාය. 2016 වර්ෂයේදී ඇය දායක වූයේ Pride and Prejudice and Zombies චිත්‍රපටය සඳහාය. එය ආදායම් අතින් අසාර්ථක චිත්‍රපටය විය.

2016 වර්ෂයේදී The Exception නම් චිත්‍රපටය සඳහා දායක විය. එය වෙනස්ම වූ තේමාවක් ඔස්සේ නිර්මාණය වූ චිත්‍රපටයකි. 2017 වර්ෂයේදී ඇය දායක වූ චිත්‍රපටය ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව තිබේ. Baby Driver ලෙස එම චිත්‍රපටය හඳුන්වයි. 2017 වර්ෂයේදී Darkest Hour චිත්‍රපටයක් සඳහා ඇය දායක වී තිබේ. මෙහි රූගත කිරීම් තවත් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබයි.

 

2017-05-22-ent-66