නිරුවත නිසා රූපවාහිනිය තහනම් වූ 'කරිෂ්මා'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-18-ent-17

ඉන්දියානු පුවත් අඩවි මේ දිනවල ගිනියම් වූ පුවතක් වාර්තා කරනු ලබයි. ඒ 2011 වර්ෂයේදී ඉන්දියාව ගිනිබත් කෙරු චිත්‍රපටයක තෙවැනි කොටසක් එළිදැක්වීමේ පුවතක් ප්‍රචාරය වීමත් සමගිනි. මේ කාරණාව නිසා මේ දින වල ඉන්දියානු පුවත් මේ පිළිබඳව වාර්තා කරනු ලබන්නෙ ඉතාමත් නොවිසිල්ලෙනි. සරාගී දර්ශන බොහෝමයක් ඇති මෙම චිත්‍රපටයේ ඇතැම් කොටස් බොහෝ විට තහනම් කිරීමට හැකියාවක් ඇති බවත් සඳහන් වෙයි.

2017-09-18-ent-21වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි යන ලේබල ඔස්සේ තිරගත වූ ‘රාගිනි එම්එම්ස් 1’ සහ ‘2’ වැන්න මෙන්ම, ‘රාගිනි එම්එම්එස් රිටන්ස්’ චිත්‍රපටයත් එවැනි ලේබලයක් යටතේ තිරගත වීමට සුදුසුයි බවයි සඳහන් වෙන්නේ. මෙහි දෙවැනි චිත්‍රපටය තිරගත කරනු ලැබුවේ 2014 දීය. රාගිනි එම්එම්එස් රිටන්ස් චිත්‍රපටය අද්භූත චිත්‍රපටයක් ලෙස හඳුන්වනු ලබයි. මෙහි තවත් කරුණක් වන්නේ, පලමු සහ දෙවැනි චිත්‍රපටය සාපේක්ෂව මෙම චිත්‍රපටයේ සරාගී දර්ශනයන් වැඩි බවත් ඉඟි පලකර තිබීමයි. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන නිළිය පිළිබඳව බෙහෝ දෙනාගේ අවධානයත් මේ සමග යොමුව තිබේ. 23 වැනි වියේ පසුවන ‘කරිෂ්මා ශර්මා’ ඉන්දියානු සරාගි නිළියක් ලෙසයි බොහෝ දෙනා හඳුන්වන්නේ. ‘රාගිනි එම්එම්එස් රිටන්ස්’ චිත්‍රපටය ඇය රංගනයෙන් දායක වන දෙවැනි චිත්‍රපටය වෙයි. ඇය ඉන්දියානු නිරූපිකාවක් වූවත් ඇය බොහෝ ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ බිකිනි ඡායාරූප සඳහාය. ඇයව බොහෝ වෙළෙඳ දැන්වීම් සහ ප්‍රචාරක වැඩකටයුතු වලට දායක කර ගැනීමේ මූලික අරමුණ වන්නේ ඇය අඩනිරුවතින් සැරසී සිටීම ඇයට සාමාන්‍ය දෙයක් වීම නිසාවෙනි. ඉන්දියානු බොහෝ නිරූපිකාවන් අඩනිරුවත් දර්ශන සඳහා මැලිකමක් දක්වන හෙයින් කරිෂ්මාට මෙම අවස්ථාව බොහෝ සේ ප්‍රයෝජනයට ගැනීමට හැකියාව තිබේ.

ඇයව ප්‍රසිද්ධියට පත් වූයේ ඉන්දියානු කතාමාලාවක් වන ‘යේ හේ මොහබ්බතින්’ ඉන්දියානු කතාව රයිනාගේ චරිතය ඔස්සේය. ‘පවිතා රිෂ්තා පියා අර්ජුන් කිරලොස්කර්’ රූපවාහිනි කතාමාලාව ඔස්සේය. ඉන්පසු ඇය තවත් රූපවාහිනි කතාමාලාවන් 08ක් සඳහා දායක විය. ඇයගේ මෙම නවතම චිත්‍රපටය හේතුවෙන් ඇයව ටෙලි නිර්මාණ තුලින් ප්‍රතික්ෂේප වීමට බොහෝ ඉඩ කඩ ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනු ලබනවා. ඒ ඇයගේ නිරුවත් දර්ශන හේතුවෙන් නැවත රූපවාහිනි තිරය මගින් ඇයව ඈත් කිරීමට රූපවාහිනි නිෂ්පාදකවරු තීරණය කර ඇති බවත් පැවසේ. කෙසේ වුවත් මේ කාරණා හේතුවෙන් ඇයගේ රංගන ජීවිතයට යම් කිසි හානියක් සිදුවෙන බව අනිවාර්යය බව බොහෝ දෙනා සඳහන් කරනු ලබයි. ‘රාගිනි එම්එම්එස් රිටන්ස්’ තුලින් ජනප්‍රියත්වට පත්වූවත් ඇයගේ සිනමා දිවියට කෙසේ බලපාවිද යන්න බොහෝ දෙනෙකු බලා සිටින බවත් සඳහන් කරයි.

 

2017-09-18-ent-15 2017-09-18-ent-16  2017-09-18-ent-18 2017-09-18-ent-19 2017-09-18-ent-20