නිරුපණයෙන් සිනමාවට පැමිණි තාප්සි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-17-ent-21

‘‘සිනමා පවුලකින් ආවේ නැති වුණත් බොලිවුඞ් පුරවරයේ තැනකට එන්න පුළුවන් කියලා පෙන්නන්න හො`දම උදාහරණයක් මම.. ඇත්තටම ඒක අමාරුයි.. ඒත් කරන්න පුළුවන්..’’

එසේ කියන්නේ බේබි, පින්ක්, නාම් ශබානා ආදි චිත‍්‍රපටිවලින් ක්ෂේත‍්‍රයේ අමරණීය නමක් ර`දවා ගත් තාප්සී පන්නුය.

බොලිවුඞ් පුරවරයට පිවිසෙන්නට නම් කුමන හෝ ඥාති සම්බන්ධයක් තිබිය යුතු බැව් සියල්ලෝම කියති. ඒ ස`දහා දැක්විය හැකි උදාහරණ ද බොහෝය. එහෙත් තාප්සි සිනමා පවුලකට කිසිදු සම්බන්ධයක් ඇති තැනැත්තියක නොවේ. ඇය පරිගණක විද්‍යා උපාධිධාරිනියකි. මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස ටික කලක් සේවය කළ ඇය ඉනික්බිතිව නිරූපිකාවක බවට පත් වූවාය. ඇගේ නිරූපණවලට සම්මාන ද හිමි වී තිබේ. ඇය ක්ෂේත‍්‍රයට පා තැබුවේ තෙලි`ගු චිත‍්‍රපටියක ර`ග පාමිනි. දකුණු ඉන්දියානු සිනමාවේ සෑහෙන නමක් ගොඩ න`ගා ගත්තාට පසුව ඇය හින්දි සිනමාවට පා තැබුවාය. ඒ සීමා චිත‍්‍රපටියෙනි. හො`දම නවක නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයට ද ඇගේ නම නිර්දේශ වූයේය. එහෙත් ඇය වඩාත් ජනාදරයට පාත‍්‍ර වූයේ බේබි චිත‍්‍රපටිය තුළිනි.

‘‘මගේ එක චිත‍්‍රපටියක් හරි අසාර්ථක වුණා නම් මට ආයෙ බින්දුවේ ඉ`දන්ම පටන් ගන්න වෙනවා.. මොකද මට සහයෝගය දෙන්න නෑදෑයෙක් ක්ෂේත‍්‍රයේ නැති හින්දා.. මම හැම අඩියක්ම හු`ගක් ප‍්‍රවේසමින් තියන්නෙ ඒ හින්දයි.. ඇත්තටම දකුණු ඉන්දියානු සිනමාවේ නෑදෑ සම්බන්ධකම් උඩ ක්ෂේත‍්‍රයට එන වැඩි දෙනෙක් පිරිමි.. ඒත් බොලිවුඞ් සිනමාවේ වැඩිපුර එහෙම එන්නෙ කාන්තාවන්..’’ තාප්සී පවසයි.

ඇගේ ඊ ළ`ග චිත‍්‍රපටිය ජුද්වා 2 මෙතෙක් ඇය ර`ග නොපෑ ආකාරයේ චරිතයක් සහිත චිත‍්‍රපටියකි. එය නරඹන අයගේ ඇස් පුදුමයෙන් උඩ යනු ඇතැයි විචාරකයෝ පවසති.