නිමාව දකින මේ වසර අනුෂ්කාට හොඳයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-07-ent-99

මේ වසරේ ප්‍රදර්ශනය වුණ අති සාර්ථක චිත්‍රපට කිහිපයකම දකින්නට ලැබුණ අනුෂ්කා ෂර්මා මේ වසරේ වාසනාවන්තම සිනමා නිළිය බවට පත්ව ඇත. සිනමා විචාරකයන් පවසන්නේ අනුෂ්කා මේ වසරේ රංගනයෙන් දායක වූ සියලු චිත්‍රපට අති සාර්ථක ඒවා බවට පත්ව ඇති බවය. මේ වසරේ අනුෂ්කා රංගනයෙන් දායක පළමු චිත්‍රපටය වන්නේ ‘පාරි’ය. එය ඉන්දී්‍ය රුපියල් කෝටි 10ක වියදමකින් තැනුණ අතර, චිත්‍රපටය තිරගත වූ කාලයේදී ඔය ඉන්දීය රුපියල් කෝටි 40ක ආදායමක් උපයාගන්නට සමත් විය.

ඇය රංගනයෙන් දායක වූ දෙවැනි චිත්‍රපටය වන්නේ ‘සංජූ’ය. එය මේ වසරේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට සිනමා ඉතිහාසයට එක් විය. තුන්වැන්න ‘සූ ඩාගා’ චිත්‍රපටයයි. එය ඉන්දීය රුපියල් කෝටි 35ක වියදමින් තැනුණ අතර, ප්‍රදර්ශනය වූ කාලසීමාවේදී ඉන්දීය රුපියල් කෝටි 120ක ආදායමක් උපයාගන්නට සමත් විය. දෙසැම්බර් 21 වැනිදා අනුෂ්කාගේ තවත් චිත්‍රපටයක් එළිදැක්වීමට නියමිතව අත. ඒ ෂාරුක් හා කත්‍රිනා සමග ඇය රඟපෑ ‘සීරෝ’ චිත්‍රපටයයි. එයද ඉහළ ආදායමක් උපයාගන්නා චිත්‍රපටයක් වනු ඇතැයි මේ වනවිට සිනමා විචාරකයන් අනුමාන කරමින් සිටියි.