නිදහසේ ව්යාපාරික කටයුතු ගැන සිතන ටප්සු
වසර කිහිපයක් තිස්සේ එකදිගට කාර්යබහුල වු සිනමා නිළියක් ලෙස ටප්සි පන්නු හැඳින්විය හැකිය. බොලිවුඩ් හා කොලිවුඩ් චිත්රපටවලට අමතරව ඉන්දියාවේ වෙනත් භාෂාවලින් ප්රදර්ශනය වූ චිත්රපට බොහෝමයකට දායක වූ ටප්සු පසුගිය කාලේ බොහෝ ආදායම් උපයාගනු ලැබු සිනමා නිළියක්ද විය.
කෙසේ වෙතත්, මේ වනවිට නිදහසේ කාලය ගෙවන ඇය තමාගේ ‘විවාහ මංගල කළමනාකාරන’ ආයතනය හා තමාගේ හිමිකාරිත්වය යටතේ ඇති ‘පුනේ සෙවන්ස්’ බැඩ්මින්ටන් කණ්ඩායමේ ඉදිරි වැඩපිළිවෙළ ගැන සැලසුම් කරමින් සිටින බව ඇය පවසයි. එමෙන්ම ඇය ‘කොවිඩ් 19’ වයිසරයෙන් අසරණ වී සිටින ජනතාව වෙනුවෙන් නිහඬ සමාජ සේවයක්ද මේ වනවිට කරමින් සිටින අතර, ඇය ඒ පිළිබඳව ප්රකාශ කිරීමට දැඩි අකමැත්තක් පළ කළ බවද සඳහන් වේ.