නිදන්ගත රෝගයකින් පෙළෙන ශයිලින් වූඩ්ලි
‘ඩිවර්ජන්ට්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රියත්වයට පත් යොවුන් හොලිවුඩ් සිනමා නිළි ශයිලින් වූඩ්ලි මේ වනවිට නිදන්ගත රෝගයකින් පෙළෙන බව සඳහන් වේ. ඇය පවසන්නේ කාලයක සිටම මේ රෝගයෙන් තමන් පීඩා විඳින බවය.
‘ඩිවර්ජ්න්ට්’ චිත්‍රපට මාලාව සම්බන්ධ වූ අවස්ථාවේදී මෙම රෝගය උත්සන්න වූවද රූපගත කිරිම්වල තිබුණ කාර්යබහුලත්වය මත ඇයට මෙම රෝගයට නිසි ළෙස ප්‍රතිකාර කරන්නට නොහැකි වූ බවද ඇය වැඩි දුරටත් මේ සම්බන්ධව පවසා තිබේ. වූඩ්ලි පවසන්නේ මෙම රෝගය උත්සන්න වවහොත් නොබෝ දිනකින්ම තමන්ට රංගනය අත්හැරිමට සිදුවනු ඇති බවය.