නිකොලි කිඩ්මන් වළලුකර ආබාධයට ලක් වෙලා
ජනප්රිය හොලිවුඩ් සිනමා නළු නිකොලි කිඩ්මන් මීට දින කිහිපයකට පෙර වළලුකර ආබාධයට ලක්ව තිබෙන බවට තොරතුරු වාර්තා වේ. ඇය පදිංචිව සිටින ඇමෙරිකාවේ ‘නිව්යෝර්ක්’ නගරය වසා දමා ඇති මොහොතක ඇය මෙසේ ආබාධ වී ඇත.
එදින නිවසේ කිසිවෙකු නොසිට ඇති අතර, ඇය පෞද්ගලික රෝහලක් අමතා සිය ආබාධ තත්ත්වය පැහැදිළි කර තිබේ. මේ වනවිට තරමක සුවය ලබා තිබෙන නිකොලි සිය නිවසේ රැඳි සිටින බව සඳහන් වේ.