නැවතත් පෙරලියක් කිරීමට සූදානම් වන ‘Alexandra Daddario’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-464

‘Alexandra Daddario’ යනු හොලිවුඩ් සිනමාව තුළ කැපී පෙනෙන චරිතයකි. ඇය විසින් දායක වූ චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූවාය. පසුගිය වසරේදී ඇය පිළිබඳව මූලිකව කතා කළේ චිත්‍රපට තුනක් හේතුවෙනි. ඒ ‘Rampage’, ‘We Have Always Lived in the Castle’, ‘Night Hunter’ යන චිත්‍රපට හේතුවෙනි. මෙම චිත්‍රපට අතරින් ‘Rampage’ වැනි චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් මුදල් වාර්තා අතරට පැමිණි චිත්‍රපට වෙයි. එසේම ඇය පිළිබඳව කතාබහ කිරීමේදී මතකයට නැගෙන චිත්‍රපට කිහිපයක් තිබේ. ඒ අතරින් ඇගේ හැරවුම් ලක්ෂ්‍ය ලෙස ‘Percy Jackson’ චිත්‍රපට මාලාවද, ‘San Andreas’ වැනි චිත්‍රපට සඳහන් කළ හැකිය.2019-08-09-ent-465

31 වැනි වියේ පසුවන ඇය රංගන ක්ෂේන්‍රයට පිවිසියේ 2005 වර්ෂයේදීය. නමුත් ඇය, 2002 වර්ෂයේ සිට රූපවාහිනි කතාමාලාවල අතුරු චරිත සඳහා රංගනයෙන් දායක වෙමින් රංගනය පිළිබඳව හැදෑරීමට අවස්ථාව උදා කර ගත්තාය. කෙසේ වෙතත් 2002 වර්ෂයේ සිට 2003 වර්ෂය දක්වා ‘All My Children’ රූපවාහිනි කතා මාලාව සඳහා රංගනයෙන් දායක වීමත් සමගින් ඇගේ රංගන හැකියාව වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වූ බවද ඇය පවසන්නීය. ඉන්පසු 2004 වර්ෂයේදී ‘Law and Order’ කතාමාලාවටද, 2005 වර්ෂයේදී ‘Law and Order: Criminal Intent’ කතාමාලාවටද ඇය රංගනයෙන් දායකත්වය දැක්වූවාය.

2005 වර්ෂයේදී ඇය සිනමා දිවියට ප්‍රවිෂ්ඨ වීමට අවස්ථාව උදා වූයේ ‘The Squid and the Whale’ චිත්‍රපටය ඔස්සේය. සිනමා නිළියක් මෙන්ම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසද ඇය බොහෝ ප්‍රසිද්ධියට පත් වූවාය.

ඇය 2006 වර්ෂයේදී නාට්‍ය ආභාසය ලත් චිත්‍රපටයක් ලෙස ‘The Hottest State’ චිත්‍රපටය හඳුන්වනු ලබයි. සංගීත පසුබිමක් ඔස්සේ නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය සම්මානලාභී චිත්‍රපටයක් විය.

ඇය 2007 වර්ෂයේදී තවත් චිත්‍රපට දෙකක් සඳහා දායක වූ නමුත්, 2008 වර්ෂයේදී සිනමාව සඳහා මඳක් විරාමයක් ලබා දුන්නාය. සිනමා දිවියට පමණක් නොව රූපවාහිනි කතාමාලා සඳහාද ඇය සමුදී තිබුණි.

2009 වර්ෂයේදී ඇයව නැවතත් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ ‘Jonas Brothers: The 3D Concert Experience’ චිත්‍රපටය ඔස්සේය. එය මිලියන 23ක ආදායමක් ලැබූ චිත්‍රපටයකි. 2010 වර්ෂයේදී තිරගත වූ ‘Percy Jackson and the Olympians: The Lightning Thief’ චිත්‍රපටය ආදායම් අතින් මෙන්ම ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයද සටහන් කරනු ලැබූ චිත්‍රපටයකි. 2010, 2011,2013 යන වර්ෂයන් හිදි එක් චිත්‍රපටය බැගින් තිරගත විය.

2015 වර්ෂයේදී තිරගත වූ ‘San Andreas’ ලොව තුළ වැඩි අවධානය දිනාගත් චිත්‍රපටයකි. පසුගිය වර්ෂයේ එනම් 2016 වර්ෂයේදී තිරගත වූ ‘The Choice’ චිත්‍රපටය ඔස්සේ ඇය සම්මානයක් සඳහා නිර්දේශ විය. නමුත් එම සම්මානය හිමිකර ගැනීමට ඇයට අවස්ථාව උදා නොවීය.

2017 වසරේදී ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට 03ක් තිරගත වූ අතර, ඇය රංගනයෙන් දායක වූ ‘Baywatch’ ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය සඳහා බොලිවුඩ් නිළි ප්‍රිංයකා චොප්රාද රංගනයෙන් දායක වූ අතර, හොලිවුඩ් නළු ඩ්වෙන් ජොන්සන් ඇතුළු තවත් ජනප්‍රිය නළු නිළියන් බොහෝ දෙනෙක් මේ සඳහා රංගනයෙන් දායක විය.

මේ අනුව මෙම වසරේදී ඇය නැවත හොලිවුඩ් සිනමාව ඔස්සේ දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ ‘Lost Transmissions’ සහ ‘Can You Keep a Secret?’ නම් චිත්‍රපට ඔස්සේය.

‘Baywatch’ චිත්‍රපටයේ අඩ නිරුවත් දර්ශන හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේද කතාබහට ලක් වූ ඇය, නැවත ජනප්‍රියත්වයට පත් වන්නේ එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපට කිහිපයක් හේතුවෙනි. තවත් චිත්‍රපට 05ක් මෙම වසරේදී එළිදැක්වීමට නියමිත තිබූ නමුත් එම චිත්‍රපට එළිදැක්වීමේ දිනයක් තවමත් ප්‍රකාශ කර නොමැත. එයට හේතු වන්නේ එම චිත්‍රපට තවමත් නිෂ්පාදන මට්ටමේ පවතින හෙයිනි. එම චිත්‍රපට මෙම වසරේ අවසන් කර ගැනීමට නොහැකි වූවොත් ලබන වසර දක්වා කල් යන බවට සඳහන් වෙයි. ඒ කාරණා හේතුවෙන් ලබන වසරේදීත් ඇගේ නිර්මාණ දැක ලබා ගැනීමට හැකියාව තිබේ.

 

Dilan Chryshantha 

 

2019-08-09-ent-463