'නාම් සබිනා' විශේෂ දර්ශනයක්
ශිවම් නායර් අධ්‍යක්ෂණය කරනු ලැබු ‘නාම් සබිනා’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් මුම්බායි, දිල්ලි හා ගුරජාටි නගරවල කාන්තා පොලිස් නිලධාරිනියන්ට නරඹන්නට අවස්ථාව ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබෙන බව සඳහන් වෙනවා.
‘නාම් සබිනා’ චිත්‍රපටයේ කතා පුවතද රහස් පොලිස් නිලධාරිනියක් වටා ගේතුණු කතා පුවතක් නිසාවෙන් මෙසේ මෙම චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් කාන්තා පොලිස් නිලධාරිනියන්ට පෙන්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බව සඳහන්. ‘නාම් සබිනා’ චිත්‍රපටය එළැඹෙන මාර්තු 31 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.