නළුවෙකුට වඩා අයෝජකයෙකු වන 'ඩැනියල්'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170117Danial-1

ඩැනියල් රැඩ්ක්ලිෆ් අද වන්‍විට ප්‍රසිද්ධව ඇත්තේ සුපිරි නළුවෙකු ලෙස නොව, මහා ධනවතෙකු ලෙසිනි.

මෑතකදී හෙළි වූ තොරතුරුවලට අනුව දැනට 27 වැනි වියෙහි පසුවන ඩැනියල් සතු වූ බැංකු ගිණුමක පවුම් මිලියන 64කට ආසන්න මුදලක් පවතින බව පැවසෙයි. ඔහු සතුව 2015 වසරේ තිබූ මුදලට වඩා එය පවුම් මිලියන 4.5ක වැඩිවීමක් බවද සඳහන් වෙයි.

මේ අනුව බ්‍රිතාන්‍යයේ වෙසෙන නළුවන් අතරින් වැඩිම ආදායමක් උපයන්නේ ඩැනියල් බව එරට පුවත්පත් වාර්තා පෙන්වා දෙයි. මේ වනවිට ඔහු තම ආදායමින් සෑහෙන ප්‍රමාණයක් කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කර ඇති බවද සඳහන් වෙයි.