නවාසුද්දින් ගේ ආදර සිද්දි
නවාසුද්දින් සිද්දිකි විසින් ඔහුගේ අතීත මතක සටහන් ඇතුළත් කර ලියන ලද ‘‘ඇන් ඕර්ඩිනරි ලයිෆ්’’ පොතේ සිද්ධින් දැන් මතභේදයට තුඩු දී තිබේ. එහි ඔහු විසින් පවත්වන ලද පේ‍්‍රම සම්බන්ධතා ගැන මෙන්ම ලිංගික සම්බන්ධතා පිළිබ`දව ද ස`දහන් කර තිබීම එයට හේතුවයි. එහි කාන්තාවන් දෙදෙනෙකු ගැන විශේෂයෙන්ම ස`දහන් කර ඇත. ඉන් එක් අයෙකු වන මිස් ලව්ලි චිත්‍රපටියේ ර`ග පෑ නිහාරිකා සිං පවසන්නේ ඒ පොතේ ස`දහන් කර ඇති දේවල් ගැන තමා කිසිම දෙයක් නොදන්නා බවය. ඇය ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නට ද සූදානමින් සිටින්නීය. ‘‘අපි දෙන්නා අතරේ තිබුණේ පුංචි සම්බන්ධයක් විතරයි.. ඒකත් මාස දෙක තුනකින් කෙළවර වුණා.. අනිත් එක සම්බන්ධය පටන් ගන්න කාලෙ මම දැනගෙන හිටියෙ නෑ ඔහු විවාහකයෙක් කියලා..’‘
නිහාරිකා කියයි.
සිය ප්‍රථම පේ‍්‍රමය ලෙස සිද්දිකි නම් කර ඇත්තේ සුනීතා රාජ්වාර්ය. ඇයට තරම් තමා වෙන කිසිම යුවතියකට ආදරය නොකළ බැව් ඔහු සිය පොතේ ස`දහන් කර ඇත.
‘‘අපි දෙන්නා ඉගෙන ගත්තෙ එකම විශ්ව විද්‍යාලෙ.. ඒ කාලෙ අපි දෙන්නා අතරේ සම්බන්ධයක් තිබුණත් අපි කවදාවත් විශ්ව විද්‍යාලෙදි හම්බ වෙලා නෑ.. පිටදී තමයි හම්බ වුණේ.. මං හිතන්නෙ එයා මගෙන් ඈත් වුණේ මගේ දුප්පත්කම හින්දා.. මං ඒ කාලෙ ජීවිතේ ජය ගන්න පුදුම උත්සාහයක් දරමින් හිටියෙ.. ඒ හින්දා එයා මාව දාලා ධනවත් කෙනෙක් ළ`ගට යන්න ඇති.. ඇත්තටම මම එයාට පුදුමාකාර විදියට ආදරේ කළා.. ඒ හින්දම ඇගේ වියෝවෙන් මම ලොකු දුකක් වින්දා..’’
සිද්දික් සිය පොතේ එසේ ස`දහන් කර තිබේ.
එහෙත් සුනීතා මුහුණු පොතට දිග හෑල්ලක් ලියමින් ඔහු විසින් කියන ලද සියල්ලම ප්‍රතික්ෂේප කර ඇත.
‘‘මේවා ඔක්කොම විකාර කතා.. විශ්ව විද්‍යාලෙ ඉන්න කාලේ එයාගෙයි මගෙයි සම්බන්ධයක් තිබුණෙ නෑ.. එහෙම තිබ්බා නම් හම්බ නොවී ඉන්න පුළුවන් ද..? අනිත් එක එයා කියලා තියෙනවා මම එයාගෙ ගෙදර බිත්තිවල හදවත් ඇන්දා කියලා.. ඒක සම්පූර්ණ බොරුවක්.. මම එයාගෙන් ඈත් වුණේ එයා දුප්පත් හින්දා නෙමෙයි.. ඒ කාලෙ මම එයාටත් වැඩිය පීඩා වින්ද කෙනෙක්.. මම ඈත් වුණේ එයා හැම වෙලාවෙම අනුකම්පාව බලාපොරොත්තු වෙන විදියේ පිරිමියෙක් කියලා මම දැනගෙන හිටියා.. අනිත් එක මම ඈත් වුණේ එයාව මට අප්පිරියා වුණ හින්දා.. එයයි මායි අතරේ ඇති වුණ සමහර සමීප වීම් ගැන එයා යාළුවොත් එක්ක කියලා හිනා වුණා කියලා මට ආරංචි වුණා.. ඒ වගේ නින්දිත වැඩ කරන පිරිමියෙක් එක්ක ජීවිතේ ඉතුරු කාලෙ ගෙවන්න බෑ කියලා මට තේරුණා.. ඒකයි මම ඈත් වුණේ.. නැතුව එයාගෙ දුප්පත්කම හින්දා නෙමෙයි..’’
සුනීතා කියන්නීය.