නවක තරු ලෙස ඉෂාන් හා සාරා බැබලෙති
මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී වසරේ නැගි එන සිනමා තරු ලෙස සම්මාන දිනාගන්නට ඉෂාන් කට්ටර් හා සාරා අලී ඛාන් සමත් විය. ඉෂාන් මෙසේ සම්මාන දිනාගනු ලැබුවේ ‘බියොන්ඩ් ද ක්ලයිඩ්’ චිත්රපටයේ කළ රංගනය උදෙසා වන අතර, සාරා ‘කේදර්නාත්’ චිත්රපටයේ කළ රංගනය උදෙසා මෙසේ සම්මානයට පාත්ර විය.
මෙම චිත්රපට ද්විත්වයම සාරාගේ මෙන්ම ඉෂාන්ගේද පළමු බොලිවුඩ් චිත්රපට වීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, ‘දඩක්’ චිත්රපටයේ රඟපෑ ශ්රී දේවිගේ වැඩිමහල් දියණිය වූ ජාන්වී කපූර්ටද නැගි එන නිළියට හිමි සම්මානයක් හිමිවෙනු ඇතැයි බොහෝ දෙනෙකු තුළ බලාපොරොත්තුවක් තිබුණ නමුදු ඇයට එම සම්මානය හිමි නොවුණි.