නව වසරේ සිනමාවෙන් දකින රජිණිකාන්ත්
සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු රාජිනි කාන්ත් ප්‍රධාන චරිතයට පණ පොවන ‘ඩර්බර්’ චිත්‍රපටය මේ වසරේ දකුණු ඉන්දියාවේ ප්‍රදර්ශනය වන පළමු සුපිරි චිත්‍රපටය වේ. රාජිනි කාන්ත් සමගින්, බොලිවුඩ් සිනමා නළු සුනිල් ෂෙට්ටි, දකුණු ඉන්දීය සුපිරි නිළි නයනතාරා, ප්‍රකාශ් රාජ්, කාර්තික් බාබර්, යෝගී බාබු හා සූරි මෙහි සෙසු චරිත සඳහා එක් වේ.
රාජිනි කාන්ත් කාලයකට පසුව මෙහි පොලිස් නිලධාරියෙකුගේ චරිතයට එක්ව සිටීම විශේෂත්වයකි. මෙහි කතාව දිව යන්නේ මෙම පොලිස් නිලධාරියා වටාය. අයුක්තිය, ආසාධාරණය වෙනුවෙන් පෙනී සිටින මෙම පොලිස් නිලධාරියා මැරයෙකුටත් වඩා දරුණු පුද්ගලයෙකුද වෙයි. ආර්. ඒ. මුරුග්ඩ්ස් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත්තේ ජනවාරි 10 වැනිදාය. මෙහි ප්‍රචාරක පටය පසුගිය දෙසැම්බර් 21 වැනිදා නිකුත් කළ අතර, එය මේ වනවිටත් මිලියන ගණනක් නරඹා ඇති බවටද තොරතුරු වාර්තා වේ.