නව වසරේ බොලිවුඩයේ පළමු චිත්රපටය
ප්රවීණ සිනමා අධ්යක්ෂකවරයෙකු වු රමේෂි සිප්පි විසින් අධ්යක්ෂණය කරන ‘ශිම්ලා මර්චි’ චිත්රපටය ජනවාරි 03 වැනිදා ප්රදර්ශනය වීමට නියමිතව ඇත. හේමා මාලිනි, රාජ්කුමාර් රාඕ, රකුල් ප්රිත් සිං, ශක්ති කපූර් මෙහි රංගනයෙන් දායක වන සෙසු නළු නිළියෝ වෙති.
සුන්දර ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වී ඇති මෙම චිත්රපටය ආදායම් අතින් සාර්ථක එකක් වනු ඇතැයි සිනමා විචාරකයෝ පවසොති. එමෙන්ම ජනප්රිය වනු ඇතැයි අනුමාන කළ හැකි ගීත කිහිපයක්ද මෙහි ඇතුළත්ව ඇති අතර, ඒවා බොලිවුඩ් ගීත දර්ශක අතර ඉදිරියෙන්ම සිටින ගීතද වෙයි. කෙසේ වෙතත්, මෙම චිත්රපටය නිර්මාණය කර මේ වනවිට වසර කිහිපයක් ගත වන බවද සඳහන් වේ.