නව වසරේ පෙරළි කරන 'Aquaman'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-03-ent-20

නව වසරේ හොලිවුඩයට නම් ඉතාමත් අභියෝගාත්මක වසරක් බව නම් කිව යුතුවේ. 2017 වසරට සාපේක්ෂව 2018 වසරේ හොලිවුඩ පුරවරයෙන් බිහිවීමට ඇති චිත්‍රපට සංඛ්‍යාව දෙගුණයකින් වැඩි බවයි විදෙස් මාධ්‍ය පවසයි. එමෙන්ම හොලිවුඩ් චිත්‍රපට ගොන්නට එක්වීමට ඇති මනඃකල්පිත චරිත බොහෝ ප්‍රමාණයක් මේ වසර තුළ මග බලා සිටීමත් විශේෂිත කරුණකි.

2018-01-03-ent-19එමෙන්ම 2017 වසරේ බොහෝ කතාබහට ලක්වූ චරිතයක් වන Aquaman චරිතය තුළින් මෙම නව වසරේ චිත්‍රපටයක් නිර්මාණය වීම ඉතාමත් විශේෂයි. කල්පිත සුපිරි වීරවරයන් බොහෝ ප්‍රමාණයක් 2018දී හොලිවුඩ් රසිකයන්ට දැක බලාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි එම විදේශ මාධ්‍ය සඳහන් කරයි. Aquaman 2018 චිත්‍රපටයේ නිල ප්‍රචාරක පටය පසුගියදා අන්තර්ජාලය එක්විය. ඒ සමගම එම චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවීමත් සමගින් එහි ඇති තවත් සුවිශේෂි චරිතයක් පිළිබඳව කතා බහ කිරීමට බොහෝ දෙනා යොමු වූහ. එම චිත්‍රපටයේ ඇති ‘Mera’ නම් චරිතය පණ පොවනු ලබන Amber Heard පිළිබඳවයි.

Amber Heard සිනමා ක්‍ෂේත්‍රය තුළ නවකයෙකු නොවේ. ඇය බොහෝ සිනමා නිර්මාණවල දැක ගැනීමට හැකියාව ලැබුණද එම චිත්‍රපට ජනතාව අතරට නොයෑම තුළින් ඇය පිළිබඳව ඇති මතකය මැකී ගොස් තිබෙන බව සඳහන් කළ යුතුයි. මේ කාරණාව එසේ වූවත් ඇය දායකවූ සිනමා නිර්මාණයක් හේතුවෙන් සම්මාන 05කින් සමන්විත වීමට ඇයට හැකියාව ලැබිණි. ඇය පිළිබඳව තවත් කාරණාවක් තිබේ. ඒ ඇය ජොනී ඩෙප්ගේ පෙම්වතියයි.

2004 වසරේදී සිනමාවට පිවිසියේ ‘Friday Night Lights’ නම් සිනමා නිර්මාණය තුළිනි. ඇයගේ පළමු සිනමා නිර්මාණය ආදායම් ප්‍රමාණය දෙගුණ කිරීමේ අවස්ථාවක් ඇයට උදාවිය. ඉන්පසු ඇය නැවත සිනමා නිර්මාණයක් ඔස්සේ දැකගැනීමට හැකියාව ලැබෙන්නේ 2005 වසරේ තිරගතවූ ‘Side FX’ නම් සිනමා නිර්මාණය ඔස්සේය. එම සිනමා නිර්මාණය ඉතාමත් අසාර්ථක සිනමා නිර්මාණයක් විය. එම වසරේදී ඇය දායක වූ තවත් සිනමා නිර්මාණයක් තිබිණි. ඒ ‘Drop Dead Sexy’ නම් සිනමා නිර්මාණයයි. එම සිනමා නිර්මාණය ඔස්සේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ රංගන ශිල්පිනියෙක් වීමට ඇයට හැකියාව ලැබිණි. 2005දී ඇය දායක වූ තවත් සිනමා නිර්මාණයක් වන්නේ North County නම් සිනමා නිර්මාණයයි. 2006 වසරේදී ඇය රංගන ක්‍ෂේත්‍රය තුළ ස්ථාවරත්වයක් ලබාගැනීමට හැකියාව ලැබිණි. එමවසර තුළදී ඇය සිනමා නිර්මාණ 04ක් සඳහා දායකවිය. ඒ අතරින් චිත්‍රපට දෙකක් ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත විය. ඒ Alpha Dog සහ All the Boys Love Mandy Lane චිත්‍රපට දෙකයි.

ඇය මෙලෙස සිනමා තරුවක් ලෙස ජනප්‍රිය ලබමින් සිටින කාලය තුළදී පුංචි තිරයේදී කැපී පෙනීමට හැකියාව ලැබුණි. ඒ 2006 වසරේ සිට 2007 වසර දක්වා තිරගත වූ ටෙලිනාට්‍ය තුනක් සඳහා රංගනයෙන් දායකවීමෙනි. ඒ Criminal Minds, Californication, Hidden Palms නම් ටෙලිනාට්‍ය තුනයි. 2007 වසරේ සිට 2009 දක්වා චිත්‍රපට 10කට අධික ප්‍රමාණයක් සඳහා දායකවූ නමුත් ඇයව බොහෝ දෙනාගේ මතකයේ රැන්ඳූ චිත්‍රපටයක් වූයේ 2009 ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වූ Zombieland නම් චිත්‍රපටයයි. 2010 සිට 2015 දක්වා ඇය චිත්‍රපට 13ක් සඳහා රංගනයෙන් දායක විය. එම චිත්‍රපට යම්කිසි සාර්ථකත්වයක් තිබුණද විශාල වශයෙන් ජනප්‍රියත්වයක් ලබාගැනීමට නොහැකි වූ බව විදෙස් වෙබ් අඩවි සඳහන් කරයි. 2017 වසරේ ඇය දායක වූ චිත්‍රපට දෙකක් තිරගත විය. I Do...Until I Don't චිත්‍රපටය සහ Justice League චිත්‍රපටයයි. ඒ අතරින් විශාල ආදායමක් සහිත චිත්‍රපටයක් වූයේ Justice League චිත්‍රපටයයි. 2018 වසර ඇයට විශාල අභියෝගාත්මක වසරක් වනු ඇත. මෙම වසරේ එළිදැක්වූ Justice League චිත්‍රපටය මගින් Aquaman චරිතය රිදී තිරයට ගෙන එනු ලැබීය. එම වෑයමේ සාර්ථකත්වය ලබන වසරේ දැක ගැනීමට හැකියාව ලැබීමද විශේෂත්වයක් බව කිවයුතුය.

 

2018-01-03-ent-17   2018-01-03-ent-18