නන්දනාගේ ‘ෆේස්බුක්’ ගිණුම් හැක් කරලා
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි නන්දනා වර්මාගේ ‘ෆේස්බුක්’ ගිණුම මේ වනවිට හැක් කර ඇතැයි වාර්තා වෙයි. ඒ පිළිබඳව ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහ රසික පිරිස් දැනුම්වත් කර ඇති අතර, ‘ෆේස්බුක්’ ගිණුම හරහා තම නම භාවිතා කරමින් යම් කිසි පුද්ගලයෙකුට අපහසුතාවයක් ඇති වි තිබේ නම් එයට සිය කණගාටුවද පළකොට ඇත.
කෙසේ වෙතත්, නන්දනා පවසන්නේ ‘ෆේස්බුක්’ ගිණුම හරහා තම නම භාවිතා කරමින් පුද්ගලයන් මුලාවේ දමන්නට හැකි බවත්, ඒ සඳහා හසු නොවන ලෙසත් ඇය සිය රසික පිරිස් වෙතින් ඉල්ලා ඇත. නන්දනා මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවට වඩා බෙහෙවින් ජනප්‍රියව ඇත්තේ මලයාලම් සිනමාවේ වන අතර, ඇය රංගනයෙන් දායක වූ මලයාලම් චිත්‍රපට කිහිපයක්ම අති සාර්ථක ඒවා බවටද පත් විය.