නතාෂා සූරිටත් ‘කොවිඩ් 19’
2006 වසරේ ‘මිස් ඉන්දියා’ කිරූළ දිනාගත් නතාෂා සූරිද මේ වනවිට ‘කොවිඩ් 19’ ආසාධිතයෙකු බවට පත්ව ඇතැයි වාර්තා වෙයි. 2006 වසරේ පැවැති ‘ලෝක රූපරාජිණි’ තරගයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමටද සමත් වූ ඇය එම තරගයේ ‘හොඳම සිරුර’ හා ‘හොඳම ඇඳුම් විලාසිතා’ යන අංශ දෙකෙන්ම කිරුළ දිනා ගැනීමටද සමත් වූවාය.
දැනට මලයාලම් චිත්‍රපටයක් හා බොලිවුඩ් චිත්‍රපට තුනක් සඳහාද සිය රංගන දායකත්වය ලබාදී ඇති නතාෂා ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රියව ඇත්තේ මෝස්තර නිරූපිකාවක් ලෙසිනි. ‘කොවිඩ 19’ රෝගය වැළඳි ඇති නතාෂා අවධානම් තත්ත්වයේ නොසිටින බවට ඉන්දීය වෛද්‍යවරුන් සඳහන් කර සිටියි. එමෙන්ම ඇයගේ මිත්තණියට හා සහෝදරියටද මේ වනවිට ‘කොවිඩ්’ රෝගය වැළඳි ඇතැයි වාර්තා වෙයි. ඇය කාලයක් කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ඩිවෝන් බ්රාවෝ සමගින් ප්‍රේම සම්බන්ධයක්ද පවත්වනු ලැබීය.