නගර දෙකක් මැද හිර වුණ සල්මාන්
සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් මේ වනවිට සිය පවුලේ සාමාජිකයන්ගෙන් වෙන්ව සිටියි. ඒ ඔහුගේ පන්වෙල්හි ගොවිපොළේය. ඔහුට එසේ සිදුව ඇත්තේ ‘කොරෝනා’ වෛයිරසය ව්‍යාප්ත වීමත් සමග ඉන්දියාවේ ප්‍රධාන පෙළේ නගර සියල්ලම වසා දැමීම හේතුවෙනි.
නගර වසා දමන අවස්ථාවේ සල්මාන් තවත් සිනමා නිළියන් වූ ජැකලින් ෆර්නැන්ඩෙස්, ඩේෂා ෂා, වලුෂා ඩී සූසා, සල්මාන්ගේ පෙම්වතියැයි හඳුන්වන ලුලිය වැන්ටර් ඇතුළු කිහිප දෙනෙකු සමගින් පන්වෙල්හි සිය ගොවිපොළේ රැඳි සිට ඇති අතර, සල්මාන්ගේ පියා හා මව ඇතුළු අනෙකුත් සාමාජිකයන් මුම්බායි හි අන්ද්‍රා ප්‍රදේශයේ සල්මාන්ගේ මහගෙදර රැඳි සිටියි. කෙසේ වෙතත්, සල්මන් පවසන්නේ ඉතා ඉක්මණින් සිය පවුලේ සාමාජිකයන් මුණ ගැසිමේ බලාපොරොත්තුවකින් පසුවෙන බවය.