ධනුෂ්ට තවත් හොලිවුඩ් චිත්‍රපටයක්
දකුණු ඉන්දීය සිනමාවේ සිටින චිත්‍රපට රංගනයක් සඳහා ඉහළම මුදලක් අය කරන නළුවා ලෙස සැළකෙන ධනුෂ්ට මේ වනවිට නැවත වරක් හොලිවුඩ් සිනමා නිර්මාණයකට එක්වීමට ඇරයුම් ලැබී තිබේ. ඒ ලෝකයේ ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපටය වන ‘ඇවෙන්ජර්ස් ද ඉන්ඩ් ගේම්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රූසෝ බ්‍රදර්ස් විසින් නිර්මාණය කරන්නට සැළසුම් කර ඇති ‘ද ග්‍රේ මෑන්’ චිත්‍රපටය සඳහාය.
ධනුෂ් සමගින් මෙහි ‘කැප්ටන් ඇමෙරිකා’ ලොවපුර ජනප්‍රිය වූ ක්‍රිස් එවන්ස්ද, රයන් ගොස්ලින් හා ඇනා ආරම්ස්ද රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක බරපැණක් දරා නිර්මාණය කරන්නට නියමිත බවද වාර්තා වෙයි.