ධනුෂ්ගේ 'මාරි' දෙවැන්න නිර්මාණය වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-04-ent-37

ජනප්‍රිය කොලිවුඩ් සිනමා නළු ධනුෂ් ඔහු 2015 වසරේ රඟපෑ ‘මාරි’ දමිළ චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කරන්නට මේ දිනවල සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් සැප්තැම්බර් අවසන් සතියේදී ආරම්භ කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා.

පළමු ‘මාරි’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට එක්වූ කාජල් අග්‍රාවල් වෙනුවට ඇමි ජැක්සන් මෙවර ‘මාරි’ චිත්‍රපටයේ ධනුෂ්ගේ සිනමා පෙම්වතිය ලෙස තෝරා ගෙන තිබෙනවා. ධනුෂ් මෙසේ ඇමිව තෝරා ගෙන ඇත්තේ සිය මාමණ්ඩිය වූ රාජිණිකාන්ත්ගේ අලුත්ම චිත්‍රපටය වූ ‘රොබට්’ දෙවැනි චිත්‍රපටය සඳහාද ඇය සම්බන්ධවී සිටීම නිසාවෙනි.

ධනුෂ් නිෂ්පාදනය කළ ‘VIP’ දෙවැනි චිත්‍රපටය මේ දිනවල ප්‍රදර්ශනය වන අතර, දැනට එය ඉන්දීය රුපියල් කෝටි 28ක මුදලක් උපයාගෙන ඇත. චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 8ක මුදලක් වියදම්ව තිබුණ අතර, කොලිවුඩ් සිනමා තොරතුරු වාර්තා කරන්නේ මෙම චිත්‍රපටය කෝටි 20ක ලාභයක් දැනටමත් උපයාගෙන ඇති බවයි.