ධනුෂ්ගේ පළමු චිත්රපට අධ්යක්ෂණය
ජනප්රිය කොලිවුඩ් සිනමා නළු ධනුෂ් අධ්යක්ෂණය කරන පළමු චිත්රපටය මේ වනවිට තිරගත කිරීමට සූදානම් කර තිබෙන බව සඳහන් වේ. ‘පවර් පාණ්ඩි’ ලෙස නම් කර ඇති මෙම චිත්රපටය අධ්යක්ෂණය පමණක් නොව නිෂ්පාදනයද සිදුකර ඇත්තේ ධනුෂ් විසින් බව සඳහන් වේ. එමෙන්ම මෙහි ඇතුළත් කතාවද ධනුෂ්ගේම එකක් බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ‘පවර් පාණ්ඩි’ චිත්රපටයේ ධනුෂ් රංගනයෙන් දායක නොවන අතර, ‘පවර් පාණ්ඩි’ ලෙස 68 වැනි වියෙහි පසුවන රාජ්කිරන් මෙහි ප්රධාන චරිතයට එක්ව සිටියි. ධනුෂ් මෙහි විනාඩි කිහිපයක සුළු චරිතයක් නිරූපණය කිරීම විශේෂත්වයක්ද වේ. වාර්තා වන අන්දමට මෙම චිත්රපටය නිර්මාණය කිරීමට ධනුෂ්ට ඉන්දීය රුපියල් කෝටි 80ක මුදලක් වැයවී ඇත.