ධනුෂ්ගේ ‘චිල් බ්‍රෝ’ මිලියන 50ක් නරඹයි..



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200824-44

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් පසුගිය වසරේ රඟපෑ ‘පට්ටාස්’ චිත්‍රපටයේ ඇතුළත් ‘චිල් බ්‍රෝ’ ගීතය මේ වනවිට ප්‍රකට ‘යු ටියුබ්’ සමාජාජාලා වෙබ් අඩවිය තුළ මිලියන 50කට වඩා වැඩි පිරිසක් නරඹා ඇතැයි වාර්තා වෙයි.

විවේක් හා මර්වින් දෙදෙනා රචනා කර ඇති මෙම ගීතය ධනුෂ් විසින් ගායනා කර තිබීම විශේෂත්වයකි. පනස්දාහකට අධික පිරිසක් මෙම ගීතයට ප්‍රතිචාර දක්වා ඇති අතර, බොහෝ දෙනෙකුගේ අදහස් අතර තිබුණේ මෙම ගීතය මෙසේ ජනප්‍රිය වීමට හේතුව වී ඇත්තේ ධනුෂ්ගේ නර්තනය නිසාවෙන් බවය.